රාජ්‍ය ආයතන 300න් 279ක් එජාප ඇමතීන්ට පැවරීම යහපාලනයද?

Published in පුවත්
Wednesday, 28 January 2015 10:01

වත්මන් රජය රටේ තිබෙන රාජ්‍ය ආයතන 300න් 279ක් ම පවරා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන්ට බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අනාවරණය කළේය.

යහපාලනය ගැන කතා කරන වර්තමාන ආණ්ඩුවේ සැබෑ යහපාලනය මෙයදැයි ප්‍රශ්නකරමින් මුසම්මිල් මහතා මොවුන්ගේ යහපාලනය මාධ්‍ය සංදර්ශනයක් මිස සැබෑවක් නොවන බවත් පැවසීය.

ඔහු මේ අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේ දී ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

රාජ්‍ය ආයතනවලින් වැඩිම ආයතන සංඛ්‍යාවක් පැවරී ඇත්තේ අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතාට බව පැවසූ මුසම්මිල් මහතා රාජ්‍ය ආයතන 38ක් වික්‍රමසිංහ මහතාට අයත් බව පැවසීය.

කබීර් හෂීම් ඇමැතිවරයාට ආයතන 30ක්, රවී කරුණානායක ඇමැතිවරයාට ආයතන 35ක්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයාට ආයතන 25ක් පැවරී තිබෙන විට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇත්තේ ආයතන 15ක් පමණක් බවත් තලතා අතුකෝරාළ ඇමැතිවරියට ඇත්තේ ආයතන 2ක් පමණක් බවත් මුසම්මිල් මහතා පැවසීය.

නිවාස හා සමෘද්ධි ඇමැතිවරයා වන සජිත් ප්‍රේමදාස මහතාට අඩුම තරමින් එතුමාගේ පියා නිවාස ඇමැති ධූරය දැරූ සමයේ පැවරී තිබුණු නාගරික සංවර්ධන අධිකාරිය පවා ලැබී නැති බව ඔහු පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 49න් 41 දෙනකුම ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හෝ නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස පත්ව ඇති බව පැවසූ ඒ මහතා එය මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් සියයට 81ක ප්‍රතිශතයක් බවත් පෙන්වා දුන්නේය.

පැවැති ආණ්ඩුවේ ඇමැතිවරුන් සංඛ්‍යාව පිළිබඳ ප්‍රතිශත වශයෙන් විවේචනාත්මකව කථා කළ වත්මන් ආණ්ඩුවේ තත්ත්වය මෙය බවත් 2010 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන් පවා මේ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් වශයෙන් කටයුතු කරන බවත් මුසම්මිල් මහතා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us