subash
ඌව පළාත් නව ආණ්ඩුකාර එම් පී ජයසිංහ මහතා ආණ්ඩුකාර කාර්යාලයේදී අද (30)වැඩ ආරම්භ කළේය.
දකුණේ මුස්ලිම් කැරලිකරුවන් සමඟ ඇති වූ ගැටුම්වලදි මියගිය පොලිස් භටයන් 44 දෙනෙකු සමරමින් පිලිපීනයේ අද (30) ජාතික ශෝක දිනයක් ප‍්‍රකාශයට පත් කර අැත.
බෞද්ධයන් විසින් ඉමහත් භක්තියෙන් දළදා මාලිගයට පිදූ රත්‍රන් යොදාගෙන නිලංග දෑලබණ්ඩාර මහතාගේ මිනිකූපර් වර්ගයේ මෝටර් රථයේ අගුලු, බැනර් ආදිය අලංකාර කර තිබෙන බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමුහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ලලිත් ද සිල්වා මහතා පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සක්‍රිය කටයුතු කළ අතර, ඒ සඳහා ටෙලිකොම් ආයතනයේ සම්පත් ද විශාල වශයෙන් යොදාගෙන තිබු බව වාර්තා විය.
ශ‍්‍රී ලංකාවේ ළමා කි‍්‍රයාකාරකම් පිළිබඳ ජාතික සංගනණයක් සිදු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී අැත.
ග‍්‍රෑම් 450 කින් යුතු පාන් ගෙඩියක මිල රුපියල් හයකින් පහත දැමීමේ තීරණය හෙට සිට කි‍්‍රයාත්මක කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිගු පිටි මිල සහ ඉන්ධන මිල ගණන් පහත දැමීමේ තීරණය සැලකිල්ලට ගනිමින් අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලද පහත දමන බව එම සංගමය පැවසුවේය.
MH370 හදිසි අනතුරකට භාජනවූවා-රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි
අතුරුදහන් වූ MH370 මැලේසියානු ගුවන් යානය හදිසි අනතුරකට භාජනය වී ඇති බව මැලේසියානු රජය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
පසුගිය ආණ්ඩුව සමයේ සිදු කර තිබෙන දූෂණ හා අපරාධ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සහ ඊට අදාල සත්‍ය තොරතුරු යට ගැසීමේ තත්වයක් පොලීසි තුලින්ම මතුව ඇතැයි අනාවරණයවේ. මෙතෙක් හෙලිදරවූ දූෂණ හා වංචා සම්බන්දයෙන් දැනටමත් මෙම තත්වය පැණනැගී ඇත.
මහින්ද, සිගරට් කොම්පැනිකාරයාගේ පැත්ත ගත්ත හැටි රාජිත කියයි
සිගරට් පැකට්වල සියයට අසූවක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කළ යුතු බවට එවකට සෞඛ්‍ය ඇමැති වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225දෙනාම අත් ඔසවා අනුමත කිරීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය ඇමැතිවරයාට දුරකථනයෙන් කතා කර බැණවැදී ඒ ගැන තමා උසාවියේදී බලා ගන්නම් යැයි ප්‍රකාශ කර තිබූ බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඊයේ දිනයේ ඉදිරිපත් කරනු ලැබූ අතුරු අයවැයත් සමඟ මහින්ද රාජපක්ෂ යුගයේ සිදු කළ යැයි කිවු මහා සංවර්ධන ක්‍රියාවලිය හා ආර්ථික වර්ධනය මුළු මනින්ම සංඛ්‍යා ලේඛන වෙනස් කිරීමෙන් සිදු කරන ලද බොරුවක් බවට තොරතුරු රැසක් හෙළිදරව් වී ඇත.
