පොලීසිය ඇතුලේ රාජපක්ෂ දෙපාර්තුමේන්තුවක්

Published in පුවත්
Friday, 30 January 2015 09:53

පසුගිය ආණ්ඩුව සමයේ සිදු කර තිබෙන දූෂණ හා අපරාධ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සහ ඊට අදාල සත්‍ය තොරතුරු යට ගැසීමේ තත්වයක් පොලීසි තුලින්ම මතුව ඇතැයි අනාවරණයවේ. මෙතෙක් හෙලිදරවූ දූෂණ හා වංචා සම්බන්දයෙන් දැනටමත් මෙම තත්වය පැණනැගී ඇත.

එමෙන්ම මීට අමතරව පසුගිය කාලයේ ඝාතන හා පැහැර ගැනීම් සම්බන්ධයෙන් වරින් වර අගතියට පත් පාර්ශවයන් විසින් සැලකිය යුතු ප‍්‍රමාණයක් පොලීසි වෙත පැමිණිළි කර තිබුණද පොලීසිය මෙතෙක් ඒ සම්බන්ධව විධිමත් ලෙස ක‍්‍රියාත්මක වී නැත. ඊට හේතුව ලෙස අනාවරණය වන්නේ මෙම අපරධ සම්බන්ධයෙන් පොලීසියේ චෝදනා එල්ල වී ඇති පිරිස්ද මෙම පරීක්ෂණ සදහා සම්බන්ධ වී සිටීමයි. උග‍්‍ර රාජපක්ෂ ගැත්තන්ද පරීක්ෂණ වලට සම්බන්ද වී සිටීම මෙම තත්වය බරපල වීමට හේතුවී ඇති බව සදහන්වේ.

නීතියේ පිලිගත් මූලධර්ම මත පමණක් පරීක්ෂණ සිදුනොකර මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට ගියහොත් රාජපක්ෂ රජයේ සිදුවී ඇති බව කියන දූෂණල වංචා සහ ඝාතන සම්බන්ධ පරීක්ෂණ කිසි දිනෙක අධිකරණය හමුවේ ඔප්පු කළ නොහැකිි වෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියෙකු පොලිස් දෙපාර්තමේන්තුව වෙත පසුගියදා අනතුරු අඟවා තිබිණි.


lankaherald

Last modified on Friday, 30 January 2015 10:00

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us