subash

subash

මෑත කාලයේ කොටස් වෙළඳපොළේ  බිලියන් ගනනින් මුදල් ආයොජනය කළ අලුත් ධනවතුන් ගැන සෙවීමට රජය තීරණය කර තිබේ. මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දිගු කාලයක් නිරතව නොසිටි  මෙම  අප්‍රකට ව්‍යාපාරිකයන්ට මෙතරම් මුදල් ලැබීම සැකයට තුඩු දී තිබේ. 

බිපාෂා චරිත දෙකක ALONE(video)

Published in කලා
Saturday, 31 January 2015 10:35

කලක් තිස්සේ සුන්දර ප්‍රේම කතාවනට මුල් තැන දුන් බොලිවුඩය දැන් ක්‍රියාදාම චිත්‍රපටවලට ද, අමනුෂ්‍ය බලවේග පිළිබඳ කියැවෙන සංත්‍රාසමය චිත්‍රපටවලට ද තම සිනමාවේ ඉඩකඩ වෙන් කර ගනිමින් සිටියි. හොලිවුඩ් සංත්‍රාසමය සිනමා පටවලට මෙන්ම බොලිවුඩ් සංත්‍රාසමය සිනමා පටවලට ද ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබෙමින් තිබේ. එහෙයින් දැන් එම වර්ගයේ හින්දි චිත්‍රපට වැඩි වැඩියෙන් නිපැයෙන අතර පසුගියදා තිරගත වීම ඇරඹූ ‘අලෝන්’ චිත්‍රපටය ද සංත්‍රාසමය සිනමාපට ගොන්නට එක්වන්නකි. එය එනමින්ම යුත් තායිලන්ත චිත්‍රපටයක් ඇසුරෙන් නිර්මාණය වූවකි.

අධිවේගී මාර්ගයේ බස් රථ වලට බලපත‍්‍ර නිකුත් කිරීමේදී විවිධ අක‍්‍රමිකතා සිදුව ඇති බව ඊයේ (30)කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප‍්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මුලතිව් දිස්ත‍්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප‍්‍රාදේශීය සභාවල මැතිවරණය පෙබරවාරි 28 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සේවය ශ්‍රී ලංකා පිලට හිමිවීමත් සමග දැනට පවතින කණ්‌ඩායමේ තත්ත්වය හාත්පසින්ම වෙනස්‌ ස්‌වරූපයක්‌ ගනු ඇතැයි තමා විශ්වාස කරන බව නවසීලන්ත කණ්‌ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් සඳහන් කර තිබේ.

ශ්‍රි ලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපනය ජාතික ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක කිරිමට කටයුතු සම්පාදනය කරන බව අධිකරණ හා කම්කරු සබඳතා ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය.ඉදිරියට නීති විද්‍යාලයේ විභාග සඳහා ශිෂ්‍යයින්ට තමන් කැමති භාෂා මාධ්‍යකින් පිළිතුරු ලිවිමට කටයුතු සලසන බවද ඔහු පැවසුවේය.

අන්ත දූෂිතයෙකු මෙන්ම මැර දේශපාලකයකු වන අනුර විදානගමගේට ඌව පළාත් සභාවේ ඇමැතිධුරයක් මහ ඇමැති හරීන් විසින් ලබා දීම සම්බන්ධයෙන් මහියංගනය ජනතාවගේ බරපතල විරෝධය එල්ල වී ඇත. ඊයේ දිනයේදීද මේ සම්බන්ධයෙන් විරෝධතවයක් පැවැති අතර එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහටද සිය විරෝධය ඉදිරිපත් කරන බවත් එම පිරිස් පවසති.

අරලියගහ මන්දිරයට පසුගිය ජනවාරි 19 වැනිදා සාකච්ඡාවකට පැමිණි මොහාන් පීරිස් මහතා අප්‍රේල් මාසය වනතුරු තමාට සේවය කිරීමට අවස්ථාව ලබා දුන්නොත් ආණ්ඩුවට එරෙහිව කිසිදු තීන්දුවක් ලබා නොදෙන බවට ප්‍රකාශ කෙළේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ජනාධිපතිවරණය පැවති ජනවාරි 08 වැනිදා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරු අංශයේ සේවකයන්ට නීති විරෝධීව වැටුප් වැඩි කිරීම බරපතල වැරැද්දක්‌ සහ වංචාවක්‌ බවත් වත්මන් විදුලිබල ඇමැති චම්පික රණවක මහතා එය නීතිගත කිරීමට කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කිරීම බරපතල වැරැද්දක්‌ බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන විද්යුත් නාලිකාවල විකාශය වන ප්‍රථම වැඩසටහන අද (31 දා) රාත්‍රී 8.30 සිට ජාතික රූපවාහිනිය සහ ස්‌වාධීන රූපවාහිනිය ඔස්‌සේ විකාශය වීමට නියමිතය.

Connet With Us