නීති විද්‍යාල අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක්

Published in පුවත්
Saturday, 31 January 2015 08:40

ශ්‍රි ලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපනය ජාතික ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක කිරිමට කටයුතු සම්පාදනය කරන බව අධිකරණ හා කම්කරු සබඳතා ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය.ඉදිරියට නීති විද්‍යාලයේ විභාග සඳහා ශිෂ්‍යයින්ට තමන් කැමති භාෂා මාධ්‍යකින් පිළිතුරු ලිවිමට කටයුතු සලසන බවද ඔහු පැවසුවේය.

නීති විද්‍යාල සිසුන්ගේ විෂයාත්මක හා පසුගිය විභාගය පිළිබද ගැටලුවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ පැවසීය. ශ්‍රි ලංකා නීති විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවැති මෙම හමුවට නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ජයතිස්සද කොස්තා මහතා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් කමලනි ද සිල්වා මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි වුහ.

නීති විද්‍යාල විභාගවලදි ප්‍රශ්න පත්‍රවල විෂයාත්මක ගැටලු හේතුවෙන් අසාධාරණයක් වු සියලු සිසුන්ට ක්‍රමවත් ක්‍රමවේදයක් යටතේ සහන සැලසීමට තමන් උපදෙස් ලබා දෙන බව පැවසු ඇමැතිවරයා නීති අධ්‍යාපන ආයතනයට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හයදෙනකු පත්කිරිමට කටයුතු කරන බවත් දැනට සිටින නිලධාරින් මේ වන විට තනතුරුවලින් ඉවත් වී ඇති බවත් ඔහු පැවසුවේය.

නීති විද්‍යාලයේ 2014 විභාග ප්‍රතිඵල අනුව ශිෂ්‍යයින් රැසකට ආසාධාරණයන් සිදුවී ඇති බව ශිෂ්‍යයෝ කරුණු ඉදිරිපත් කළහ.ප්‍රශ්න පත්‍රය විෂයානුකූල නොවීම, විෂය නිර්දේශයන්ගෙන් පරිබාහිරවීම, භාෂා මාධ්‍ය පිළිබද ගැටලු හා විශාල පිරිවැයක් යොදා නීති විද්‍යාලය තුළ සිසිටිවි කැමරා පද්ධතියක් සවිකිරම ඒ අතර විය .

විද්‍යාලයේ ගේට්ටුව , පුස්තකාලය හැර අනකුත් සියලු කැමරා ගලවා ඉවත් කිරිමට ඇමැතිවරයා එහිදි උපදෙස් ලබාදුන්නේය. පුස්තකාලය හා ආරක්ෂක ගේට්ටුවල කැමරා ඉවත් කරන්නේද නැද්ද යන්න විදුහල්පති තුමා හා ශිෂ්‍යයින් තිරණය කළයුතු බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.නීති විද්‍යාල ශිෂ්‍යයින් වැඩිහිටි බුද්ධිමත් පිරිසක් බැවින් එම ශිෂ්‍යයින් තාඩන පීඩන වලට ලක්කර හොද ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දුන් ඇමැතිවරයා මෙසේද පැවසිය.

නීති විද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර භාෂා තුනෙන්ම‍ ඉදිරිපත් කිරිමට මං උපදෙස් දෙනවා. ශිෂ්‍යයින්ට දෙන උපදේශනය නම් නීති ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට ඉංග්‍රිසි මාධ්‍යයට ප්‍රමුඛතාවය දිය යුතුයි. කරුණාකරලා නීතිය ගැඹුරින් හැදැරීමට ලෝකයට යෑමට ඉංග්‍රිසි හදාරන්න එය මාධයක් මිස විෂයක් නොවෙයි.

මෙරට විශ්ව විද්‍යාලවලින් හෝ විදේශිය විශ්ව විද්‍යාලවලින් පැමිණෙන ශිෂ්‍යයින්ට ඔවුන්ට ලැබෙන පළමු අවස්ථාවේදිම නිති විද්‍යාල විභාගවලට පෙනී සිටිමේ අවස්ථාව සලසා දෙනවා. එය මාස හයකින්ද අවුරුද්ද කින්ද කියලා නියමයක් නෑ.කැමති නම් විභාග තුනම එක සැරේ කිරිමට පුළුවන්. දක්ෂයෝ යටපත් කිරිම නොවෙයි අප කළ යුත්තේ. ඒ අයට අවස්ථාව ලබාදීමයි.

නීතිය කියන්නේ විනය ඒ නිසා මා ශිෂ්‍යයින් වන ඔබගෙන් ඉල්ලා සිටින්නේ විනය ආරක්ෂා කර ගන්න කියලා යනුෙවන් ද ඇමැතිවරයා ඉල්ලා සිටිෙය්ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us