පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රා.සභා මැතිවරණය පෙබරවාරියේ

Published in පුවත්
Saturday, 31 January 2015 09:03

මුලතිව් දිස්ත‍්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප‍්‍රාදේශීය සභාවල මැතිවරණය පෙබරවාරි 28 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

2011 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී මෙම ප‍්‍රාදේශීය සභා දෙකෙහි ඡන්ද විමසීම සිදුකර නොමැත.

මෙම ප‍්‍රාදේශිය සභාවල ඡන්ද විමසීම ඉකුත් 2012 වසරේ මාර්තු මස 24 වැනිදා සිදුකිරීමට මුලින් දින නියම කර තිබුණා. එහෙත් අධිකරණය හමුවේ විභාග වු නඩු දෙකක් හේතුවෙන් අදාල ඡන්ද විමසීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවු බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප‍්‍රදේශවල නැවත පදිංචි කිරීම් අවසන් කර නොමැති නිසා අදාල ඡන්ද විමසීම සිදුකිරීම සාධාරණ නොවන බව එම නඩුවලින් ප‍්‍රකාශ වී තිබුණි. කෙසේවෙතත් මේ වන විට එකී නඩු දෙකම නිශ්ප‍්‍රභ වී තිබෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය කියා සිටියේය. ඒ අනුව අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට තිබූ බාධා දැන් ඉවත් වී අැත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us