හරීන්, විදානගමගේට ඇමැතිකමක් දුන්නෙ රෙදි ඇඳගෙනද ?

Published in පුවත්
Saturday, 31 January 2015 08:18

අන්ත දූෂිතයෙකු මෙන්ම මැර දේශපාලකයකු වන අනුර විදානගමගේට ඌව පළාත් සභාවේ ඇමැතිධුරයක් මහ ඇමැති හරීන් විසින් ලබා දීම සම්බන්ධයෙන් මහියංගනය ජනතාවගේ බරපතල විරෝධය එල්ල වී ඇත. ඊයේ දිනයේදීද මේ සම්බන්ධයෙන් විරෝධතවයක් පැවැති අතර එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහටද සිය විරෝධය ඉදිරිපත් කරන බවත් එම පිරිස් පවසති.

අනුර විදානගමගේ සහ ඔහුගේ සොහොයුරාවන පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේට එරෙහිව දූෂණ වංචා හා මැර කම් සම්බන්ධයෙන් චෝදනා අති විශාල ප්‍රමාණයක් එල්ල වී ඇති මුත් පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ඒ කිසිවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූයේ නැත. පසුගිය පළාත් සභා මැතිවරණයේදීද ඉතා ප්‍රචණ්ඩ මැතිවරණ ව්‍යාපාරයක් ගෙන යමින් එජාපයට හා ජවිපෙට එරෙහිව ප්‍රහාර ගන්නාවක්ම ඔවුන් විසින් එල්ල කරනු ලැබීය.

ඌව පළාත් සභාවේ නව ඇමැති මණ්‌ඩලය ඊයේ (30 දා) නව ආණ්‌ඩුකාර නීතිඥ එම්. පී. ජයසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව ඌව පළාත් ප්‍රධාන ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා - ඌව පළාතේ මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සමාජ සුබසාධන, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය, ප්‍රවාහන හා ඉදිකිරීම් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

අනුර රවීන්ද්‍ර විදානගමගේ මහතා - ඌව පළාතේ කෘෂිකර්ම, වාරිමාර්ග, මිරිදිය ධීවර කර්මාන්ත, ඉඩම් හා සංචාරක කටයුතු ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ජයසුන්දර මුදියන්සේලාගේ ආනන්ද කුමාරසිරි මහතා - ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්‍ෂක, වනිතා, විදුලිබල හා බලශක්‌ති ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

රවීන්ද්‍ර සමරවීර මහතා - ඌව පළාතේ මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, සමුපකාර, සත්ව නිෂ්පාදන හා සංස්‌කෘතික ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

වඩිවේලු සුරේෂ් මහතා - ඌව පළාතේ ක්‍රීඩා, යෞවන කටයුතු, පේෂකර්මාන්ත හා කුඩා කර්මාන්ත, වතු යටිතල පහසුකම් හා වතු අධ්‍යාපන කටයුතු ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us