චම්පික කළ වැඩේ වැරදියි - වසන්ත.. නෑ එක හරි - විදුලි ඉංජිනේරුවන්

Published in පුවත්
Saturday, 31 January 2015 07:39

ජනාධිපතිවරණය පැවති ජනවාරි 08 වැනිදා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරු අංශයේ සේවකයන්ට නීති විරෝධීව වැටුප් වැඩි කිරීම බරපතල වැරැද්දක්‌ සහ වංචාවක්‌ බවත් වත්මන් විදුලිබල ඇමැති චම්පික රණවක මහතා එය නීතිගත කිරීමට කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කිරීම බරපතල වැරැද්දක්‌ බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.

දූෂණ විරෝධී සංවිධානයක්‌ හදාගෙන ඒ සංවිධානයට තොරතුරු දෙන්න කියන ඇමැති චම්පික මහතා තමන්ගේ කිල්ලෝටයේ තියෙන හුනු දකින්නේ නැතුවද මෙහෙම කරන්නේ? කැබිනට්‌ පත්‍රිකාව දාන්න කලින් දන්නැද්ද මේක නීති විරෝධී කියලා. කැබිනට්‌ පත්‍රිකාව දාන්න කලින් ඒක නීති විරෝධී කියල දැනගෙන නම් එහෙම කළේ එතුමා කරන්නේ බරපතල වැරැද්දක්‌ යෑයිද සමරසිංහ මහතා කියා සිටියේය.

චම්පික රණවක මහතා කරන්න හදන මේ වැරැද්ද වහාම නිවැරැදි කළ යුතු බවත් කැබිනට්‌ මණ්‌ඩලය සිදු කළ යුත්තේ මේක අනුමත කරන එක නොව, මේ වැරැදි කරපු අයට දඬුවම් ලබාදීම බවත් සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඡන්දේ දවසේ මේ කරල තියෙන වංචාව භාණ්‌ඩාගර අනුමැතියක්‌ නැතුවයි සිදු කර තිබෙන්නේ. ඒක නිවැරැදි කරනවා කියන්නේ කැබිනට්‌ පත්‍රිකාවක්‌ දාලා ඒකට අනුමැතිය ගන්න එක නොවෙයි. මේ කරන්න යන දෙයින් අනිත් වංචාත් නීතිගත වෙනවා. මොකද චම්පික රණවක මහතා වංචාවට විරුද්ධයි කියා මුළු රටටම කියන කොට ඔහුම වංචාව නීතිගත කරනවා නම් ඒක බරපතල වැරැද්දක්‌ යෑයිද ඒ මහතා කියා සිටියේය.

විදුලිබල මණ්‌ලයේ මේ මොහොතේ සිදුවෙමින් තිබෙන වංචා නැවැත්වීමට ආණ්‌ඩුව කටයුතු කළ යුතුයි. ජනතාව දීපු ජනවරම තේරුම් නොගෙන ආණ්‌ඩුව යන්න හදනවා නම් ඒකට අපි ඉඩදෙන්නේ නැතැයි ද හෙතෙම කීය.

වසන්ත සමරසිංහ මහතා මේ බව කියා සිටියේ ඊයේ (30දා) පෙරවරුවේ කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මේ අතර ලංකා විදුලිබල මණ්‌ඩලයේ සේවක වැටුප් වසර තුනකට වරක්‌ වැඩිවීමට සමගාමීව මෙවර ඉංජිනේරු වැටුප සියයට හතළිහකින් වැඩිවීම 1999 වසරේ සිට කළ ඉල්ලීමට සාධාරණයක්‌ ඉටුවීමකැයි ලංකා විදුලිබල මණ්‌ඩල ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අජිත් විතානගේ මහතා පැවසීය.

ඒ අනුව ලංකා විදුලි බල මණ්‌ඩලයේ අනෙකුත් සේවකයන්ටද සියයට තිහක වැටුප් වැඩිවීමක්‌ ලැබී ඇතැයි ද මෙම වැටුප් වැඩිවීම වැටුප් වැඩිකිරීමේ කමිටුවක්‌ හරහා මණ්‌ඩලයේ මූල්‍ය තත්ත්වයන් හා සියලු වෘත්තීය සමිතිවල යෝජනා සැලකිල්ලට ගනිමින් සිදුකර ඇතැයි ද ඒ මහතා කියා සිටී.

ඇතැම් මාධ්‍ය හරහා මෙම වැටුප් වැඩිවීම පිළිබඳ වැරදි ප්‍රකාශ සිදුවී ඇතැයි ද මෙම වැටුප් වැඩිවීම් වසර තුනකට වතාවක්‌ විදුලිබල මණ්‌ඩලය තුළ සිදුවන වැටුප් වැඩිවීමක්‌ බවද ඒ මහතා කීවේය. විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවන්ගේ අදාළ කාර්යයන් හා අවදානම් රාජකාරි සැලකිල්ලට ගෙන මෙම වැටුප් සකසා ඇති බවත් එය කිසිසේත්ම ඉංජිනේරුවන්ට වාසිවන අයුරින් කොළේ වසා සිදුකළ වැටුප් වැඩිකර ගැනීමක්‌ නොවන බවත් ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේය.

Last modified on Saturday, 31 January 2015 07:44

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us