බිපාෂා චරිත දෙකක ALONE(video)

Published in කලා
Saturday, 31 January 2015 10:35

කලක් තිස්සේ සුන්දර ප්‍රේම කතාවනට මුල් තැන දුන් බොලිවුඩය දැන් ක්‍රියාදාම චිත්‍රපටවලට ද, අමනුෂ්‍ය බලවේග පිළිබඳ කියැවෙන සංත්‍රාසමය චිත්‍රපටවලට ද තම සිනමාවේ ඉඩකඩ වෙන් කර ගනිමින් සිටියි. හොලිවුඩ් සංත්‍රාසමය සිනමා පටවලට මෙන්ම බොලිවුඩ් සංත්‍රාසමය සිනමා පටවලට ද ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබෙමින් තිබේ. එහෙයින් දැන් එම වර්ගයේ හින්දි චිත්‍රපට වැඩි වැඩියෙන් නිපැයෙන අතර පසුගියදා තිරගත වීම ඇරඹූ ‘අලෝන්’ චිත්‍රපටය ද සංත්‍රාසමය සිනමාපට ගොන්නට එක්වන්නකි. එය එනමින්ම යුත් තායිලන්ත චිත්‍රපටයක් ඇසුරෙන් නිර්මාණය වූවකි.

චිත්‍රපටය ඇරඹෙන්නේ ඉන්දියාවේ කේරල ප්‍රදේශය වැසිකුණාටු සහිත රාත්‍රියකිනි. විශාල ගසක අත්තක් නිවෙසක වහලක් මතට කඩා වැටෙන අතර ඒ සමඟම අඳුරු බලවේගයක් ද නිදහස ලබයි. එම නිවෙසේ සිටින ස්ත්‍රිය සිහිවිසඥව රෝහලකට ඇතුළු කරනු ලබයි. ඇගේ දියණිය සන්ජානා ඒ වන විට වෙනත් නගරයක සිටින්නේ සිය සැමියා කබීර් සමඟිනි. තම මව මුහුණ පෑ අනතුර ගැන දැනගත් වහා සන්ජානා කේරලයට පැමිණෙයි. එසේ පැමිණි වහා ඇයට දැනෙන්නේ තමාගේ මියගිය නිවුන් සොහොයුරිය අන්ජානා තමාට යම් යම් බලපෑම් කරන බවකි. සන්ජානා ගේ සැමියා කබීර් එය පිළිගන්නේ නැත.

alone-2

මහාචාර්යවරයකු සන්ජානා මෝහනයට පත්කළ විට අනාවරණය වන්නේ නිවුන් සොයුරියක ලෙස සිරුරින් බැඳී සිටින අන්ජානා කබීර්ට වෛර කරන බවයි. සන්ජානා හා අන්ජානා කයින් බද්ධ වී සිටි නිවුන් සොයුරියන් වන අතර සන්ජානාට අන්ජානා ගෙන් වෙන්වීමට අවශ්‍යව තිබුණේ කබීර් නිසාය. අන්ජානා මිය ගොස් ඇත්තේ නිවුන් හා බද්ධ වී සිටි සොයුරින් එකිනෙකාගෙන් වෙන් කිරීම සඳහා කළ ශල්‍ය කර්මයේදී බව ලෝකයට පැවසී ඇති හේතුවයි.

එහෙත් යාතු කර්මයකදී අනාවරණය වන්නේ කබීර් පිළිබඳ ඇතිවූ ගැටුමකදී සන්ජානාගේ පහරදීම නිසා අන්ජානා මියගොස් ඇති බවය. තවදුරටත් යාතු කර්ම කෙරෙද්දී අනාවරණය වන්නේ කබීර් සමඟ සන්ජානා ලෙස වෙසෙන්නේ අන්ජානා බවය. සන්ජානා මරා දමා ඇය ලෙස අන්ජානා පෙනී සිටින්නේ කබීර්ට ඇති ආදරය නිසා බවද හෙළිවෙයි. එම රහස හෙළිවීමත් සමඟ කබීර් තීරණය කරන්නේ අන්ජානාගෙන් වෙන් වන්නටය.

ප්‍රේමයත් වෛරයත් අතර වෙනස කෙස් ගසකට සම බව සනාථ කරමින් අන්ජානා කබීර් මරා දමන්නට උත්සාහ දරන අතර එය වළකන්නේ සන්ජානාගේ ආත්මයයි. එම උත්සාහය අග අන්ජානා ලබන ශෝචනීය ඉරණම කුමක්ද? එක් හදවතකට පෙම් කළ නිවුන් සොයුරියන්ගේ අවසානය තීන්දු වන්නේ කොයි ආකාරයෙන් ද?

සන්ජානා සහ අන්ජානා යන නිවුන් සොයුරියන් ලෙස ජනප්‍රිය නිළි බිපාෂා බාසු රඟන අතර කබීර්ගේ චරිතයට පණ පොවන්නේ කරන් සිං ග්‍රෝවර්ය. ‘අලෝන්’ භූෂන් පටෙල් ගේ අධ්‍යක්ෂණයකි.

ප්‍රදර්ශනය ඇරඹූ පළමු දින තුන ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 14 ක ආදායමක් උපයා ගන්නට ‘අලෝන්’ සමත් විය. ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පත ‘අලෝන්’ පිළිබඳ කළ විචාරයේදී බිපාෂා බාසුගේ රඟපෑම් ඉතා ඉහළ මට්ටමක පවතින බව සඳහන් කර තිබේ. සයිබල් චැටර්පි නමැති විචාරකයා පවසා තිබුණේ සංත්‍රාසය සමඟ චිත්‍රපටයට අනවශ්‍ය ලිංගික ජවනිකා බලෙන් මෙන් ඔබ්බවා ඇති බවය. ‘දි ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත්පතට විචාරයක් ලියන සුභාරා ගුප්තා නම් පවසන්නේ සංත්‍රාසමය චිත්‍රපටයක් ලෙස හැඳින්වුවද එහි එතරම් බිය උපදවන දර්ශන නම් අඩංගු නැත කියාය.

කුමාර සිරිවර්ධන

රසදුන

Last modified on Saturday, 31 January 2015 14:32

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us