ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න දැයෙන් සමුගනී

Published in කලා
Wednesday, 04 February 2015 14:34

ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතා අද මෙලොවින් සමුගත්තේය.

අද(04) දහවල් ජාතික රෝහලේ දී ඔහු අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

සිසිර සේනාරත්න උපන්නේ 1938 මාර්තු 29 වෙනිදා හලාවතදීය.මිය යනවිට 79 වන වියේ පසුවු සිසිර සේනාරත්න මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වෙයි.සිසිර සේනාරත්න මහතාගේ දයාබර බිරිද මාපා හාමු මුදියන්සේලාගේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාරය.ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

හැට පස් වසරකට කිට්ටු කලා ජීවිතයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ ගායක ගායිකා යුවළ සිසිර සේනාරත්න හා ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ලෙස හැදින්විය හැකිය.

සිසිර සේනාරත්න මහතා ගායනා කළ ගීත අතරින් ගයාගීතයන් ගමේ වෙල් එලියේ, අදරෙයි මම ආදරෙයි, ඕළු නෙළුම් නෙරිය රගාලා, පිදුරු සෙවිකළ පැල්පතේ , වෙසක් කැකුළු, සල් සපුමල් දෙවට දිගේ, වැනි ගීත ශ්‍රාවකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වුණි.

අපි ඔහුට නිවන් සුව පතමු !

Last modified on Wednesday, 04 February 2015 14:41

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us