ලෝක කුසලානයේ බලාපොරොත්තුව මාලිංග

Published in ක්‍රීඩා
Saturday, 31 January 2015 08:42

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සේවය ශ්‍රී ලංකා පිලට හිමිවීමත් සමග දැනට පවතින කණ්‌ඩායමේ තත්ත්වය හාත්පසින්ම වෙනස්‌ ස්‌වරූපයක්‌ ගනු ඇතැයි තමා විශ්වාස කරන බව නවසීලන්ත කණ්‌ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් සඳහන් කර තිබේ.

පෙරේදායින් අවසන් වුණු ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකාව පරාජයට ඇද දැමීම වෙනුවෙන් නවසීලන්ත පිලෙහි කැපී පෙනෙන දස්‌කම් දක්‌වන ලද ක්‍රීඩකයකු බවට පත්වූ කොරේ ඇන්ඩර්සන් පත්විය.

"ඔහු (මාලිංග) එම කණ්‌ඩායමේ විශාල කාර්ය භාරයක්‌ සිදු කරන ක්‍රීඩකයෙක්‌ වගේම ඔහු සිටීම කණ්‌ඩායමට හොඳ ශක්‌තියක්" යනුවෙන් ඇන්ඩර්සන් සඳහන් කර තිබේ.

වළලු කර ආශ්‍රිතව ඇතිවූ ආබාධිත තත්ත්වය සුව කිරීම සඳහා මාලිංග ඉකුත් වසරේදී ශල්‍යකර්මයකට භාජනය වූ අතර එහිදී සුවය ලබා නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත අවසන් තරග 2 සිට යළිත් කණ්‌ඩායමට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවිය.

එහෙත් මාලිංග සියයට සියයකින් සුව අතට පත් නොවීම මත එම සැලසුම වෙනස්‌ කරමින් අවසන් තරග දෙකට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්‌ඩායමට සිදුවිය. කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට හිමි පුහුණු තරගවලදී මාලිංග යළිත් කණ්‌ඩායමට පැමිණෙනු ඇතැයි වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තු මාධ්‍ය හමුවේ සඳහන් කර සිටීම ශ්‍රී ලංකාව දෙසින් වන සුබ ලකුණක්‌ ලෙස සඳහන් කළ හැක.

තිස්‌ එක්‌ වැනි වියේ පසුවන ලසිත් මාලිංග ලෝකයේ සෙසු පන්දු යවන්නන්ට වඩා වෙනස්‌ පන්දු යෑවීමේ ඉරියව්වකින් හෙබිවීම ඔහු පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නට ප්‍රධාන විය. එමෙන්ම පන්දු යවන්නකු වශයෙන් දක්‍ෂතා දැක්‌වීම ලොව මුහුණ දීමට අපහසු භයානක පන්දු යවන්නකු ලෙසින් මාලිංගව හැඳින්වීම ආභරණයක්‌ බඳුවී තිබේ.

"ඇත්තටම ඔහු පන්දු යවන විට ඔහුගේ කකුල් මෙන්ම පන්දුව මුදා හරින විදිහ එකවර අධ්‍යයනය කිරීම හරිම අමාරුයි. එහෙත් මුම්බායි ඉන්ඩියන්ස්‌ කණ්‌ඩායමට ක්‍රීඩා කරද්දී මාලිංග සමග පුහුණුවීම් සිදු කිරීමට මම වාසනාවන්ත වුණා. මම හිතනවා එම අවස්‌ථාව මට හිමිවීම නිසා මාලිංගගේ පන්දුවලට මුහුණ දීමේදී අනිත් පිතිකරුවන්ට වඩා මා ඉදිරියෙන් සිටිනවා කියලා මම විශ්වාස කරනවා"යනුවෙන් ඇන්ඩර්සන් සඳහන් කරයි.

ශ්‍රී ලංකා පිලේ වැඩිම බලාපොරොත්තුවක්‌ තබා තිබෙන ක්‍රීඩකයන් අතරින් ප්‍රධානියකු ලෙස සැලකෙන ලසිත් මාලිංග මේ වන විට එක්‌දින තරග 177 කදී කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 27 ක ආසන්නයක්‌ රඳවා තබා ගනිමින් කඩුලු 271 ක්‌ බිඳ හෙළා තිබේ.

- divaina

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us