මාලිංග ලෝක කුසලානයට පුහුණුවීම් අරඹයි

Published in ක්‍රීඩා
Thursday, 05 February 2015 13:09

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ටික කලක සිට පාදයේ ආබාධයකට ලක්ව සිටියේය. ඒ හේතුවෙන් ඔහුට පසුගිය නවසීලන්ත සංචාරයටද සහභාගී වීමට නොහැකි වූයේය.

නමුත් මාලිංග මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බවත් එළඹෙන ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමට හැකි බවත් ක්‍රිකට් තේරීම් කමි‍ටු සභාපති සනත් ජයසූරිය පැවසුවේය.
එම පාදයේ ආබාධය හේතුවෙන් ලසිත් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී ශෛල්‍යකර්මයකට භාජනය වූ අතර ඉන්පසු ඔහුට සිව්මසක කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබිණි.

එළඹෙන ලෝක කුසලාන තරඟාවලියේදී ලසිත් මාලිංග ශ්‍රී ලංකාව පැත්තෙන් තීරණාත්මක සාධකයක් විය හැකි බව ක්‍රිකට් විචාරකයින් ගේ අදහසයි. ඔහු මේ වනවිට ලෝක කුසලානය ඉලක්ක කර පුහුණුවීම් කටයුතුද අරඹා ඇත. ඔහු මෙවර ලෝක කුසලානයේදී වෙනදාටත් වඩා පිතිකරුවන්ට භයානක පන්දු යවන්නෙකු වන බවට වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් පවසයි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us