subash

subash

නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වැඩපිලිවෙල කඩිනම් කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී අැත.

ගුවන් සේවා අමාත්‍ය, ෆයිසර් මුස්තාපා මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර අැත.

මතුවෙමින් පවතින කාරණය මෙන්ම සභාවෙන් නැගෙන ඉල්ලීම ඉතාම පැහැදිලිය. ඒ මේ වන විට ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා අතර මිත්‍රත්වයක් ඇතිවිය යුතුද? එය එසේ සිදු වුවහොත් විය හැක්කේ කුමක්ද? යන ගැටලුව සම්බන්ධයෙනි.

නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිගරු, අති උතුම්, ශ්‍රීමත්, ජනාධිපති උතුමාණන් වැනි විශේෂණ තමා හැඳින්වීමට යොදා නොගන්නා ලෙස රජයේ නිලධරයන්ට හා මහජනයාට නිල වශයෙන් දැනුම්දෙන බව අද ප්‍රකාශ කළේය.

කුමාර් ගුණරත්නම් මහතා අද දින ඕස්ට්‍රේලියාවය යාමට නියමිත බවට අප විසින් පළ කළ පුවත සම්බන්ධයෙන් එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු යැයි හඳුන්වා ගත් අයකු දුරකතන ඇමැතුමක් ලබා දෙමින් පැවැසුවේ ඔහු අද දින විදේශ ගත නොවන බවත් ඔහුට එරෙහිව පවතින නීතිමය ගැටළුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත්ය.

නව පරපුරේ ජනප‍්‍රිය රංගන ශිල්පියෙක් වන ජනිත් වික‍්‍රමගේ සහෘදයාගේ උපන්දිනය අදට යෙදී තිබුනා. ගිය වසරේ  මෙන්ම  මෙවරත් ඔහු තම උපන්දිනය ඉතා අර්ථවත් ආකාරයෙන් සමාජ මෙහෙවරක් සිදු කරමින් සමරනු ලැබීම විශේෂත්වයක්.

රාජපක්ෂ ආණ්ඩුව lankaenews වෙබ් අඩවි කාර්යාලය ගිනිතබා විනාශ කිරීම පිළිබදව පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබදව රටට අනාවරණය කරන ලෙසත් සිදුවු පාඩුවට වන්දියක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමන් එහි කතෘ සඳරුවන් සේනාධීර මහතා වත්මන් ආණ්ඩුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අගමැති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී.

2012 සැප්තැම්බර් 27 අළුයම ජනක බන්ඩාර හා සසිත පි‍්‍රයංකර යන සරසවි සිසුන් දෙදෙනා ගේ මරණ මහින්ද රාජපක්ෂගේ නියෝගය කට අනුව සිදුකළ ඝාතනයක් බව තහවුරු කළ හැකි තොරතුරු හෙලිවී ඇත.

මොස්කව්  කියන්නෙ රුසියාවේ අගනුවර. ඒවගේම සංස්කෘතික ආර්ථික දේශපාලනික වශයෙන් ඉතා වැදගත් නගරයක්.  

දූෂණ චෝදනා හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරනු ලැබූ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතාට පසුගිය රජයේ සිදුව ඇතැයි කියන වංචා සහ දූෂණ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා අගමැතිවරයාගේ දූෂණ විමර්ශන කමි‍ටුවට පත්කර ඇත. එමෙන්ම ඔහු අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුවේ ප්‍රධානියා වීමටද අගමැතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවත් වාර්තාවේ.

Connet With Us