subash

subash

ඉන්දියාව විසින් අත්හදා බලන ලද නවතම දිගු දුර න්‍යෂ්ටික මිසයිලයට චීනයට සහ යු‍රෝපය දක්වා ගමන් කළ හැකි බව පැවසේ. මේ මිසයිලය කක්ෂගත කළේ ට්‍රක් රථයක සවි කර තිබූ කැනිස්ටරයක් මතින් බව එරට බලධාරීහු පවසති.

නාවික හමුදා රගර් කණ්ඩායම සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර පෙරේදා පස්වරුවේ වැලිසර නාවික හමුදා කඳවුරු ක්‍රීඩා පිටියේ පැවැති අන්තර් සමාජ පළමුපෙළ රග්බි තරගයෙන් පසුව තරග තීරකවරුන්ට හා හැව්ලොක්ස් පිලේ ක්‍රීඩකයන්ට නාවික හමුදා කණ්ඩයමේ නිළධාරීන් හා ක්‍රීඩකයන් ගෙන් සිදුවූ පහරදීම සම්බන්ධව කඩිනමින් පරික්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා රග්බි සංගමය පවසයි.

වත්තල ප්‍රාදේශීය සභාව තුළ සිදුවූ මැර ප්‍රහාරය පිළිබඳව ඊයේ (02) පැවති බස්නාහිර පළාත් සභා රැස්වීමෙදී විශේෂ ප්‍රකාශයක් කළ පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතා (එ.ජ.නි.ස) මේ තුච්ඡ පහරදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන අපේක්ෂාව බිඳ දැමීමක් බවද එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ට යහපාලන හුරු නැති බව මෙවැනි සිද්ධීන්වලින් හොඳින් පැහැදිලි වන බවද කියා සිටියේය.

නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආශ්‍රීත මාර්ග කිහිපයක් හෙට(4) වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි‍.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ජාතික රූපවාහිනිය විකාශනය කළ වෙළෙඳ දැන්වීම් සඳහා අය විය යුතු රුපියල් කෝටි පනහකට ආසන්න මුදල ලබාගැනීමට අධිකරණය වෙත යෑමට කටයුතු කරමින් සිටින බව ජාතික රූපවාහිනියේ සභාපති සෝමරත්න දිසානායක මහතා පැවසීය.

ජාත්‍යන්තර මත්කුඩු  ජාවාරම්කරුවකු වන අත්අඩංගුවට ගෙන සිටින වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නමැත්තාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලට අනුව මේ වනවිට කැබිනට් ඇමැතිවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා පොලිස් නිලධාරීන්  20 දෙනෙකු ඇතුළු පුද්ගලයන්  45 ට ආසන්න පිරිසක්  පිළිබඳව තොරතුරු හෙළිවී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 

වත්මන් රජයේ දින සියයේ වැඩපිළිවෙල පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතාගේ දැඩි ප‍්‍රසාදයට ලක්ව අැත. පොදු රාජ්‍ය මණ්ඩලය අපේක්ෂා කළ කරුණු කාරණා රැසක් ඊට ඇතුළත්ව තිබීම සතුටට කරුණක් බව ඔහු ප‍්‍රකාශ කළේය. ඒ තුළින් ශ‍්‍රී ලංකාව නව වෙනසක් කරා ගමන් කරනු ඇති බවද ඔහු ප‍්‍රකාශ කළේය.

විවාහක කාන්තාවකට සිය ඔසප් වීම නිසිලෙස සිදු නොවන්නේ නම් එය මහත් සිත් තැවුලකට හේතුවන කරුණකි. මන්ද නිරෝගී දරු සම්පතක් ලබා ගන්නට මේ ඔසප් චක්‍රයේ නිසි ක්‍රියාකාරීත්වය ඉවහල් වන අතර ඔසප් වීමකදී කාන්තාවකගේ ඇවතුම් පැවතුම් කෙසේ විය යුතු දැයි වාගේම ඒ පිළිබඳ වූ මිථ්‍යා මත ගැනත් ඔබ දැනගත යුතු වේවි.
අත්අඩංගුවට ගනු ලැබූ අත්තනායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කර  ගෙන ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 11 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගර ගත කිරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර නියෝග කරන ලදී.

ස්වාධීන රූපවාහිනි සේවයේ ප‍්‍රවෘත්ති අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩට විදේශ ගමන් තාවකාලිකව තහනම් කරමින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (02) නියෝගයක් නිකුත් කළේය.

Connet With Us