subash
කොටි සංවිධානයේ හිටපු අවි සැපයුම් කරු බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපීගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස අභියාචනාධිකරණය අද(05) අගාමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන පක්ෂ යම් මන්ත්‍රණ, සම්මන්ත්‍රණ, කුමන්ත්‍රණවල යෙදෙමින් සිටින බව මාධ්‍යවල වාර්තාවෙයි.
පැරණි මිලටම කිරිපිටි සහ තිරිඟු පිටි අලෙවි කරන වෙළඳසැල් සොයා විශේෂ වැටලීමක් අද (05)සිට ක‍්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
රටින් පිටවීමේ නියෝගය නිකුත් කිරිම සඳහා ගුවන් ටිකට් පත රැගෙන එන ලෙස නොයෙල් මුදලිගේ නම් ඕස්ට්‍රේලියානු පුරවැසියා නොහොත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් හට දැනුම්දී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
චීනයේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් පවතින නීති දැඩි කර තිබෙනවා. එරට සමාජවාදී දේශපාලන ක්‍රියාපිළිවෙතට අන්තර්ජාලය හරහා එල්ල වන බලපෑම් වැලැක්වීමේ අරමුණින් මෙම නීති දැඩි කර ඇතැයි පැවසේ .
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු දේශපාලන පක්ෂයක මැතිවරණ කටයුතුවලට සම්බන්ධ නොවී නිර්පාක්ෂිකව කටයුතු කිරීමේ එකඟතාවයක් පවතින බව විදේශ අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි.
හිටපු ජනාධිපතිවරයා අගමැති අපෙක්ෂකයා කර ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම වෙනුවෙන් අද දින ගොඩ නැඟීමට තැත් කළ දේශපාලන අනාතයන්ගේ පෙරමුණ අත් හැර දැමීමට එම පාර්ශ්ව අදහස් කර ඇතැයි වාර්තාවේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සී-ෂෙල්ස් රාජ්‍යයේ දූපතක් මිලදී ගෙන තිබේද යන්න සම්බන්ධයෙන් සහ එම රාජ්‍යයේ ඔවුනට අයත් වෙනත් වත්කම් තිබේද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා සී-ෂෙල්ස් රාජ්‍යයේ සහයෝගය මත ශ්‍රී ලංකා රජය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙවන් වත්කම් පරීක්ෂාවක් සඳහා ශ්‍රී ලංකා රජය කරන ලද විධිමත් ඉල්ලීමකට අනුව එරටේ විදේශ අමාත්‍ය ජින් පොල් ඇඩම් මහතා ප්‍රතිචාර දක්වා ඇති අතර දෙරට අතර අත්සන් කර තිබෙන ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුමට අනුව වත්කම් හෙළිදරව් කළ හැකි බවට ශ්‍රී ලංකා රජයට දන්වා ඇත.
පසුගිය කාලයෙහි සී-ෂෙල්ස් රාජ්‍යයේ දූපතක් මිළදී ගැනීම හා එම රාජ්‍යය හරහා ස්විස් බැංකුවල මුදල් තැන්පත් කිරීම සම්බණ්ධයෙන් මෙරට හා විදේශ වෙබ් අඩවි කිහිපයක් විසින් තොරතුරු හෙළි කර තිබිණි. ඒ අනුව පසුගිය ජනාධිපතිවරන වේදිකවේදී මේ සම්බන්ධයෙන් වැඩි පුර් සාකච්ඡාවට ලක්විය.
කෙසේ වෙතත් පසුගිය රජය මගින් සී-ෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් විවෘත කළ අතර ශ්‍රීලන්කන් සහ මිහින් ලංකා දෙරට අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන ලදී.
එසේම පසුගිය වසරේදී හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා එරටේ සංචාරය කළ අතර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ද පිහිටුවනු ලැබූ අතර ශ්‍රී ලාංකිකයෝ ඉතා කුඩා ප්‍රමාණයක් එරටේ ජීවත්වෙති.
මේ අතර පසුගිය රජය සමයේ අයථා ලෙස මුදල් රැස්කොට විදේශයන්හි තැන්පත් කර ඇති බව පවසන ඇමෙරිකානු ඩොලර් මිලියන 5,000 ක් පමණ වන ධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බව ඉන්දියාව ප්‍රකාශ කරයි. මේ සඳහා මූල්‍ය බුද්ධි ඒකකයක් පිහිටුවීම වෙනුවෙන් ද ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද පැවසේ.
මූල්‍ය දූෂණ වැළැක්වීම සහ පසුගිය දශකය තුළ මෙරටට අහිමි වූ වත්කම් පිළිබඳ සොයා බැලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දුවක් වී තිබෙන අතර ඒ අනුව ක්‍රියාත්මක වෙමින් මෙලෙස වංචා සහගත අයුරින් රැස්කර තිබෙන මුදල් සම්බන්ධයෙන් සොයා බැලීමට පියවර ගෙන ඇත.
වර්තමාන ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ ගැන රාජපක්ෂ සිතන්නේ කුමක්ද? - රංග ජයසූරිය
ගත වූ සති තුන තුළ රටේ ඇති වූ වෙනස්කම් කොහෙත්ම සිතා ගැනීමටත් නොහැකි තරම් ය.
නව රජය පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැය පිළිබඳ විවාදය අද (05 දා) සිට පැවැත්වේ.
