subash

subash

‍විවිධ හේතු මත පසුගිය කාලය තුළ මේරට හැර ගිය මාධ්‍යවේදීන් කිසිවකුට එරෙහිව කිසිම චෝදනාවක් පොලීසිය වෙත ලැබී නැති බවත්, එම නිසා ඔවුන්ට මෙරටට පැමිණීමේදී නීතිය ක්‍රියාත්මක කිරීමේ සූදානමක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

‘කුඩමසෙකි ඔබ

මහ සයුර කැලඹූ’

සැණෙකින් කුණාටු සයුරක් සේ කැලඹී, සුනාමියක් සේ උස්ව නැගි ආවේග, වෙරළත වැදී විසිර ගිය රළ පහරක් පරිද්දෙන් සන්සුන් විය. ඒ ඔහු පිළිබඳව නිරායාසයෙන් උපන් ඉහත හයිකුමය සිතිවිල්ලේ ආනුභාවයෙනි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඉදිරියටත් චීන රජයේ උපරිම දායකත්වය ලබාදෙන බව චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත චීන සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන් චෝවු (Liu Jian Chao) මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ කියා සිටියේය.

යාපනය අර්ධද්වීපයේ ඇතැම් ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත් වනවාට එම ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව කිසිදු කැමැත්තක්‌ නැතැයි යාපනය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් ජගත් අල්විස්‌ මහතා පැවැසූ බව දිවයින පුවත්පත වාර්තා කරයි.

ඉන්ධන මිල ගණන් අඩු කිරීම සහ අතුරු අයවැයෙන් ඉදිරිපත් වූ සහන අනුව හතරදෙනකුගෙන් යුතු පවුලකට රුපියල් හත්දහස්‌ පන්සියයක පමණ වාසියක්‌ හිමිවන බව වැවිලි කර්මාන්ත ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ලාංකීය දේශපාලනයේ සන්ධිස්ථානයක් සලකුණු කරමින් බලමාරුවක් ඇතිකර මේ වන විට මාසයකට ආසන්න වෙමින් පවතී. බලහත්කාරය, යටපත් කිරීම, දූෂනය, බොරුව සහ වංචාව රජකරමින් තිබූ බල ව්‍යුහය ජනවාරි 08 වෙනිදා බිඳ දමනු ලැබීය.

ඊයේ කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා වරාය නගරය ඉදි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලද බව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද දින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් විමසනු ලැබුවා එහිදී ඊට පිලිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසූවේ ඒ සම්බන්ධයෙන් වන ගැටළු පවතින බවත් ඒ පරික්ෂා කිරීමන් පසුව තීරණයක් ගන්නා බවත්ය.

දේශ සීමා උල්ලංඝණය නොකර රට තුළ සිවිල් යුද්ධයක් ජයග්‍රහණය කිරීමෙන් පසු ඉතා කෙටි කාලයක් තුළ ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම ලෝකයේ කිසිදු රටක සිදු නොවන්නක් බව ආචාර්ය දයාන් ජයතිලක මහතා මහතා පවසයි.

ජීවන වියදම් පිළිබද කැබිනට් අනුකාරක සභාව නැවත ස්ථාපිත කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

චීන ජනාධිපති වරයාගේ විශේෂ නියෝජිත සහකාර විදේශකටයුතු අමාත්‍ය ලියු ජියාන්චොවු  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාව අද දින අරලියගහ මන්දිරේදී හමුවිය.

Connet With Us