subash

subash

පළමු විධායක අගමැති රනිල්ද ..මහින්දද.. එන මැතිවරණය ගල උඩ සටනක් මැයෙන් විමල් වීරවංශගේ වෙබ් අඩවියේ පුවතක් පළ කර ඇත. ඊට අදාල කර ගෙන ඇත්තේ ඊයේ විමල් වීරවංශ, වාසුදේව නානයක්කාර, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ තොරතුරු ගොන්නකි.

උතුරු කොරියාව විසින් අතිශය සූක්ෂම ක්‍රමෝපායික බුද්ධිමය රොකට්ටුවක් පරීක්ෂණ මට්ටමින් අත්හදා බලා තිබේ. එය එරට නාවික හමුදාවේ පරිහරණයට යොදා ගනු ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

මෙමගින් තහවුරු වී ඇත්තේ උතුරු කොරියාව සිය මිසයිල තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යායාමයක යෙදී සිටින බව යයි නිරීක්ෂකයෝ පවසති.

උතුරු කෙරියන් නායක කිම් ජොං-අන්ගේ සුපරික්ෂාව යටතේ, ඊසානදිග නාවික හමුදාව විසින් මෙම අත්හදා බැලීම සිදු කළ බව කොරියන් මධ්‍යම ප්‍රවෘත්ති නියෝජ්‍යායතනය (KCNA) පවසයි. කෙසේවෙතත්, එය සිදු කළේ කවදාද, කුමන ස්ථානයක සිට ද යන්න අනාවරණය කර නැත.

මෙම නැව් ප්‍රහාරක රොකට්ටුව ළඟදී ම උතුරු කොරියන් නාවුක හමුදාවට ලබාදීමට සැලසුම්කර තිබේ. මෙම අත්හදාබැලීමේ සාර්ථකත්වයෙන් උද්ධාමයට පත්වූ උතුරු කොරියන් නායකයා මෙවැනි ක්‍රමෝපායික අති සූක්ෂම ආයුධ සංවර්ධනය කළ යුතු බව පැවසූ බව වාර්තා වේ.

න්‍යෂ්ටික බලවතෙක් වන උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල සහ රොකට් නිපදවීමට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව විසින් දැනටමත් දැඩි සම්බාධක පනවා තිබේ.

 

(dinamina)

ළමා රක්ෂක අධිකාරියට නව සභාපතිවරියක හා උප සභාපතිවරයෙකු නිල වශයෙන් නම් කිරීමට නියමිත බව ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

ඊමේල් පණිවිඩ හරහා විශාල මුදල් ගනුදෙනු කරන මෙරට ප්‍රධාන පෙළේ ආයතන හා අපනයන ව්‍යාපාරිකයන් පස්දෙනකු සංවිධානාත්මක සයිබර් කල්ලියකට හසු වී ඩොලර් ලක්ෂ 10කට අධික මුදලක් අහිමිකර ගෙන ඇති බව වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.මෙම මුදල ශ්‍රී ලංකා මුදලින් කෝටි 13කට අධික බව ද ඒ මහතා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ අරලගන්විල පැවති උත්සව සභාවක් අමතමින් රටේ පවතින වත්මන් තත්වය ගැන විස්තර කළේය. එහිදී ඔහු කියා සිටියේ මහා පරිමාණයෙන් දූෂණ සහ වංචා කළ අයවලුන්ට එරෙහිව සිදුවන කටයුතු ප්‍රමාද වීම ගැන ඔහුටද ප්‍රශ්ණයක් වී ඇති බවයි. බැලූ බැල්මට එය සාමන්‍ය ප්‍රකාශයක් වන නමුත් ඉන් කියැවෙන දේශපාලනය ගැඹුරු යැයි සිටිතේ. සැබවින්ම රටේ පවතින ගැටලුව මෙයයි. රටේ නායකයා මුහුණ දී සිටින වත්මන් තත්වය මෙයයි. මෙය තමන්ගේ ශුද්ධ දේශපාලනය ආරක්ෂා කිරීම උදෙසා අනෙකාට සිදුකරන චෝදනාවකි. මෙය දේශපාලන මදුසමයේ අවසානයක ආරම්භයද?

දුමින්ද CID යේ

Published in පුවත්
Tuesday, 10 February 2015 10:04
කොළඹ  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මින් සුළු මොහොතකට පෙර නීතිඥවරුන් දෙදෙනෙකු සමග රහස් පොලිසියට පැමිණියේය.

වසර නවයක් පුරා කෙමෙන් කෙමෙන් ඒකාධිපති යුගයක් කරා ගමන් කරමින් තිබූ ලාංකීය දේශපාලන භූමිකාව වෙනත් දිශාවකට යොමු කොට දින තිහක් ගෙවී ගියේ ය. බලයට පත් වූ ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය වූයේ දින සියයේ වැඩසටහන යි. දින සියයක් යනු තෙමසකුත් දින දහයකි. එසේ නම් මේ වන විට දින සියයේ වැඩ සටහනෙන් තුනෙන් එකක් අවසන්ව තිබිය යුතු ය. එම ඉලක්කය සපුරා ගන්නට ආණ්ඩුව අසමත් වුව ද මේ වන විට දින සියයේ ඉලක්කය සපුරාගන්නට රජයට හැකි වේවි යැයි විශ්වාසය තැබිය හැකි ය.

ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස පත්වූ කේ. ශ්‍රී පවන් මහතා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ලෙස පත්වූ උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන මහත්වරු පිළිගැනීමේ නිල උත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ කොළඹ අළුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේදී පැවැත්විණි.

ඡේම්ස්‌ පැකර් නැතත් අදාළ හෝටල් ව්‍යාපෘතිය නතර වී නැති බවත් එය එහි දේශීය ආයෝජකයා විසින් කරගෙන යන බවත් ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

කොළඹ මහ නගර සභාවට අයවිය යුතු රුපියල් ලක්ෂ 600ක මුදලක් නීති වි‍රෝධී ලෙස යුද හමුදාවට ලබාදීම පිළිබඳ වහා ම පරීක්ෂණයක් පවත්වන්නැයි නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා අල්ලස් හෝ දූෂණ ‍පරීක්ෂණ කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Connet With Us