subash
ඉන්දීය දිල්ලි ප්‍රාන්ත මැතිවරණයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් ආම් ආද්මි හෙවත් පොදු මිනිසාගේ පක්ෂයට හිමිවිය.
තෙල් මිළ අඩු කළා කියා ආණ්ඩුව ජනතාව රවට්ටලා - ජනිපෙ
‘තෙල් මිල අඩු කළා’ කියලා අද ජනතාව විශාල රැවටීමකට ලක්කර තිබෙනවා. මේ ආණ්ඩුව කීවේ තෙල්වලට එකතු කර ඇති සියලූ බදු ඉවත් කරනවා කියලයි. පෙට්රල්, ඞීසල් හා භූමිතෙල් සියලූ බදුවලින් නිදහස් කොට ලබා දෙනවා කියලයි මේ අය කීවේ, යනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, හි මොහොමඞ් මුසම්මිල් මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ කියා සිටියේය.
බි‍්‍රතාන්‍යයේ නිල සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (11)නිල සංචාරයක් සදහා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය. ඔහු අද පස්වරුවේ වොෂිංටනයේ පිහිටි ජාත්‍යන්තර සාම මධ්‍යස්ථානයේදී විශේෂ දේශනයක් පැවැත්වීමටද නියමිතව තිබේ.
කාන්තා ක්‍රිකට් ලිංගික අල්ලස් චූදිතයන් තවම ලොකු පුටුවල
ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් වීම සඳහා ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ගැනීම ගැන එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් වූ පරීක්ෂණ මේවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යට ගසා ඇති බව හෙළිවේ.
ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති හා ලේකම් යන තනතුරු දෙකටම අලුත් මුහුණු දෙකක් එක්වීමට නියමිතය. දැනට එල්ලේ සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කරන යෝෂිත රාජපක්ෂ මහතා නැවත එම තනතුරට ඉදිරිපත් නොවන අතර ලේකම් සිරිපාල රණසිංහ මහතා ද නාමයෝජනා භාර නොදෙන බව වාර්තා වේ. සිරිපාල රණසිංහ මහතා වසර කිහිපයක්ම එම තනතුරේ කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
TID සුපුරුදු බණේම කියයි, ජෙයකුමාරි නැවතත් රිමාන්ඩ්!
බාලේන්ද්‍රන් ජෙයකුමාරි ඊයේ (10) දහවල් කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවතත් ඉදිරිපත් කළ අතර ලබන 24(පෙබරවාරි) දක්වා නැවතත් ජෙයකුමාරි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්තුමිය දැනුම්දුන්නේය.
කොළඹ නෙළුම් පොකුණ රඟහළ ඉදිරිපිට මාර්ගය ආනන්ද කුමාරස්වාමී මාවත ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (10) විවෘත කළේය.
විදුලිබල මණ්ඩල සේවකයින්ගෙන් CID යට පැමිණිල්ලක්(වීඩියෝ)
විදුලිබල මණ්ඩලය තුළ වැටුප් වැඩි කර ගැනිමේ දී සිදුව ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එහි මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා පැවසුවේ ඊයේ(10) පෙරවරුවේ මෙම පැමිණිල්ල අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත දුන්නේය.
කාල්ටන් නිවසේ චීන හොර බඩු ! දුරකතන ටැප් කිරීමේ උපකරණත් ඒ අතර
දුරකතන සංවාදවලට රහසිගතව සවන් දීමේ උපකරණ ඇතුළුව චීනයෙන් ආනයනය කරන ලද නවීනතම විදුලි සංදේශ උපකරණ රැසක් පසු ගිය කාලයේදී හිටපු ජනාධිපතිවරයාගේ තංගල්ලෙ පිහිටි නිවසට ගෙන ගොස් තිබුණු බව ඔරුගොඩවත්තේ පිහිටි ශ්‍රීලංකා රේගුවේ නිශ්කාශන මධ්‍යස්ථාන නිළධාරීන් අනාවරණය කරති.
ලබන 14 දා පැවැත්වෙන ශ්‍රීලනිප විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස රාජිත සේනාරත්න මහතා නම් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ.
