subash
දේශපාලන අනාථයෝ මහින්දගේ හෙවනැල්ලෙ හෝ එල්ලෙන්නයි හදන්නේ - ජවිපෙ
දේශපාලන වශයෙන් අනාථවූවන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සෙවණැල්ල හෝ ගෙනවිත් ගොඩයාමට උත්සහ කරන බව 'බල පෙරළිය සහ ජනතා අභියෝග' මැයෙන් ඊයේ (09දා) සවස අනුරාධපුර දී ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධාන කළ මහජන රැළියේදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය.
ආබාධයකට ලක්ව තිබෙන ධම්මික ප්‍රසාද් වෙනුවට දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතයට එක්කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.
මෛත්‍රීපාලනයට සහය දෙනවා. එජාපයට සහය දෙන්නේ නෑ - විපක්ෂනායකයාගෙන් හතරබීරී කතාවක්
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනය වු දින 100 වැඩපිළිවෙල සඳහා පක්ෂයේ සහය දක්වන නමුත් කිසිසේත් යු.එන්.පී. ය ගෙනයන වැඩපිළිවෙලට තම පක්ෂය සහය නොදක්වන බවත්, අපේ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයට කඩේ යන ජනාධිපතිවරයෙක් නොවන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළේය.
ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට කෙටි කාලයක් සඳහා විදෙස් ගතවීමට අවසර ලබාදී ඇත.
මේ මොහොත වන විට හිටපු මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා රහස් පොලිසියට ගොස් සිටින බව වාර්තාවේ.
මේ දිනවල ෆේස්බුක් ඔස්සේ වෛරසයක් ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ. Malware Trojan ගනයේ මෙම වෛරසයයට ලංකාවේ බොහෝ පිරිස්ද ගොදුරු වී ඇති බව වාර්තා වේ.
ස්මාර්ට් දුරකථනවලින් මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමට නව ඇප් මෘදුකාංගයක් හඳුන්වාදීමට කොළඹ මහනගර සභාව පියවර ගෙන ඇත.
බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින තවමත් එංගලන්තයේ සිටින ගෞරවනීයම කාන්තාව ලෙස ජනතාව පිළිගන්නා බව සමීක්ෂණයකදී හෙළිඋනා.
අලි ඇත් පරපුර රැක දෙන්නැයි මහනාහිමිවරුන්ට ආයාචනයක්
අලි ඇතුන් ජාවාරමක් ඉත බරපතල ලෙස මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඊට මැදිහත් වී ඒ වලක්වා ලිමට ඉදිරිපත් වන ලෙසත් පරිසරවේදීන් මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටී.
සුදර්මන් රදලියගොඩ අධිකරණයට භාරවෙයි
ස්වාධීන රූපවාහිනි සේවයේ ප‍්‍රවෘත්ති අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ අද (10)පෙරවරුවේ අධිකරණයට භාර වී ඇත.
