අලි ඇත් පරපුර ‍රැක දෙන්නැයි මහනාහිමිවරුන්ට ආයාචනයක්

Published in පුවත්
Tuesday, 10 February 2015 12:06

අලි ඇතුන් ජාවාරමක් ඉත බරපතල ලෙස මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඊට මැදිහත් වී ඒ වලක්වා ලිමට ඉදිරිපත් වන ලෙසත් පරිසරවේදීන් මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටී.

ඔවුන් මේ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ට ඉදිරිපත් කරණු ලැබු ඉල්ලීම පහත දැක්වේ

අති ගෞරවනීය
මහානායක ස්වාමීන්වහන්සේ වෙත...,

අලි අම්මාවරුන් මරා දරු පැටවුන් පැහැරගෙන යාමේ අහස පොළොව නුහුලන අපරාධය මැඩලීම සඳහා මැදිහත්වන ලෙස කරනු ලබන කාරුණික ආයාචනයයි.

අතීතයේ සිට බුදුදහමෙන් පෝෂණයවූ, ”ධර්මද්විපය” යන විරුදාවලිය ලද අපගේ මාතෘභූමියේ දැනට කලක සිට සිදුකරනු ලබන අලි අම්මාවරුන් මරා දරු පැටවුන් පැහැරගෙන යාමේ අහස පොළොව නුහුලන අපරාධය මේ වනවිට ඉතා භයානක වනජිවී ජාවාරමක් බවට පත්වී ඇතිබව ඔබ වහන්සේද දන්නවා ඇති බව සිතමු.

ධන ලෝභයෙන් අන්ධ වූ අපායගාමී පාපතරයින් පිරිසක් විසින් සිදු කරනු ලබන මෙම මනුශ්‍යත්වයට නිගා දෙන අපරාධය සාධාරණීකරණය කිරීම සඳහා මේ වන විට තතාගතයන් වහන්සේ විසින් අනු දැන වදාල බුදුදහම අනුව ගිය ඇතැම් ප‍්‍රකට භික්ෂුන් වහන්සේද ඉදිරිපත්වී තිබිම කණගාටුවට කරුණකි.

දුර අතීතයේ සිටම බෞද්ධයින්ගේ නොමද ආදරය හා ගෞරවයට පාත‍්‍රවූ අලි ඇතුන් ශ‍්‍රි ලංකාවේ ජෛව විද්‍යාත්මක අගය කියාපාන සුවිශේෂී සත්ව විශේෂයක් බව නොකිවමනාය. සෙසු වන සතුන්ට සාපේක්‍ෂව ඉතා ශක්තිමත් බුද්ධිමත් මෙන්ම අතීශය සංවේදී සත්ත්ව විශේෂයක්ද වන අලි ඇතුන් ගේ ජිවිත ආරක්‍ෂාව වෙනුවෙන් කැපවීම අවිහිංසාවේ ප‍්‍රථි මුර්ථය බඳු බුදු රජානන් වහන්සේ සරණ ගිය අප සැමගේ පරම යුතුකමක් හා වගකීමක් වන බව යලි යලිත් කිව යුතු නැත.

අප මේ ගෙවා දමමින් සිටින මොහොතක් මොහොතක් පාසාම එම අසරණ අලි ඇතුන් මේ පොළෝ තලය මත අත්විඳිමින් සිටිනා දුක් ගැහැට මෙතෙකැයි කියා නිමකල නොහැකි තරම් වීම කොතරම් අභාග්‍යක්ද? මාතෘ ධාරක ස්නේහය මහා ඉහලින් අගය කරන මව් කිරිවලින්ම පෝෂණය වන සත්ව විශේෂයක් වන අප බලාසිටියදීම අප වැනිම මාතෘ ධාරක ස්නේහය අගයන කිරි බී වැඩෙන වෙනත් සත්ව විශේෂයක් වෙත පාපකාරී නොමිනිසුන් විසින් අති අමානුෂික ආකාරයෙන් කෘරත්වය මුදාහරිමින් සිටියදී නිහඩව සිටීම යුක්ති යුක්ත නොවන බව අවධාරණය කල යුතුව ඇත.

පෙරකල සිට පැවත එන ආගමික පෙරහැර කර්ම ආදී සංස්කෘතික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් අවශ්‍ය බව සැබැය. ඒ වෙනුවෙන් හීලෑ අලි ගහනයක් රටතුල පවත්වාගෙන යාම පිළිබඳව අපට කිසිඳු ගැටළුවක් නැත. ඒ සඳහා පින්නවල අලි අනාථාගාරය හෝ ජාතික සත්වෝද්‍යානය වැනි ආයතන වලින් නිත්‍යානුකූලව රාජ්‍ය අනුග‍්‍රහය යටතේ අලි ඇතුන් ලබා ගැනීමේ හැකියාව ඇත. එසේම මෙරට තුල දැනට සිටින හීලෑ අලින්ට දාව පැටවුන් බිහිකර ගැනීමේ වැඩ පිළිවෙලක් සකස් කර ගැනීම මගින්ද රටට අවශ්‍ය හීලෑ අලි ගහනය දිගු කාලීනව පවත්වාගෙන යාමට හැකියාව ඇත.

නමුත් අති ගෞරවනීය මහානායක ස්වාමින් වහන්ස, ඒ සියල්ල පසෙක තබා රටේ පවත්නා නීතිය නොසලකා හරිමින්, මනුශ්‍යත්වයටද නිගාදෙන ආකාරයෙන් මෙරට වනාන්තර වල වෙසෙන අලි අම්මාවරුන් ඝාතනය කර හෝ වෙනත් එවැනි අධම ක‍්‍රම මගින් අලි පැටවුන් අල්ලාගෙන විත් රුපියල් කෝටි ගනන් වලට විකිණිමේ ජාවාරමක් රටතුල ක‍්‍රියාත්මක වීම කිසිඳු ලෙසකත් සාධාරණීකරණය කල යුතු නොවේ.

බුදු දහමද දඩමීමා කරගෙන මෙසේ අල්ලාගනු ලබන කුඩා අලි පැටවුන් බොහෝමයක් දැඩි මානසික ආතතිය හා හීලෑ කිරීම සඳහා ලබාදෙන ඉතා කෘර වධ බන්ධන ඉවසාගත නොහැකිව මරණයට පත්වෙති. එයින් ඉතිරි වන අලි ඇතුන්ද සදාකාලිකවම මිනිසුන්ගේ සිර කරුවන් බවට පත්ව දැව ජාවාරම වැනි නීති විරෝධී ක‍්‍රියාවලීන් සඳහා හෝ සැඳල යොදාගෙන විදේශිකයින් පිටමත තබාගෙන යාම (සෆාරි) වැනි කටයුතු වල අසීමාන්තිකව යෙදවීම මගින් අපා දුක්විඳ අකාලයේ මරණයට පත්වෙති.

මෙම මහා පරිමාණ නීති විරෝධී ව්‍යාපාර තුල ජනනය වන අති විශාල ධනස්කන්ධය විසින් මෙම සාපරාධී ක‍්‍රියාව මැඩලීම සඳහා ක‍්‍රියාත්මක විය යුතු දේශපාලන අධිකාරිය , අධිකරණ පද්ධතිය මෙන්ම, වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා පොලීසිය වැනි රාජ්‍ය ආයතනයන්ද අකර්මනය කරනු ලැබ ඇත. ඒ හේතුවෙන් තවදුරටත් මෙම අපරාධය අපගේ මාතෘ භූමිය තුල කිසිඳු බාධාවකින් තොරව එළිපිටම සිදුවෙමින් පවතී.

අප උදක්ම මෙසේ ඔබ වහන්සේගෙන් ආයාචනා කරණු ලබන්නේ වසර 2500කට එහා ගිය නිර්මල බුදු දහම තවදුරටත් නොනැසී පවතින රටක මෙවැනි විනාශයක් තවදුරටත් සිදු නොවීම සඳහා ඔබවහන්සේ සක‍්‍රීයව මැදිහත්වන ලෙසය. අපගේ මාතෘභූමිය තුල යම්කිසි නොමනා ක‍්‍රියාවක් සිදුවන සෑම අවස්ථාවකදීම එය වැලැක්වීම සඳහා පාලකකාරකාදීන්ට අනුශාසනා පවත්වමින් අපගේ මාතෘභූමිය රැකගැනීමට ජාතියේ මුරදේවතාවුන් ලෙස ඔබ වහන්සේ කටයුතු කල බව අප සිහිපත් කරණුයේ අප‍්‍රමාණ ගෞරව බහුමාණයෙන් යුක්තවය.

එසේම මෙම විනාශයෙන්ද මෙරට අලි ඇතුන් සම්පත ආරක්‍ෂාකරගෙන රටට සිදුවන බරපතල අපකීර්තියෙන් අපගේ මාතෘභූමිය ගලවා ගැනීම සඳහා ඔබ වහන්සේගේ නායකත්වය අත්‍යාවශ්‍යම මොහොත, ඔබ වහන්සේගේ අනුශාසනා පාලක කාරකදින්ට ලබාදීමට සුදුසුම මොහොත මේ බව අප සිතමු. එබැවින් ඒ සඳහා ඉතා කඩිනමින් සක‍්‍රීයව මැදිහත්වන ලෙස ඉතා ගෞරවයෙන් නමස්කාරපුර්වකව අයැද සිටිමු.

මීට විශ්වාසී,

සුපුන් ළහිරු ප්‍රකාශ් - ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය
සුජීව ජාසිංහ - පාරිසරික හා සංස්කෘතික අන මධ්‍යස්ථානය
සුදර්ශනී ප්‍රනාන්දු - වනජීවී අපරාධ වලට එරෙහි මුරකාවලුන් සංවිධානය

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us