මෛත්‍රීපාලනයට සහය දෙනවා. එජාපයට සහය දෙන්නේ නෑ - විපක්ෂනායකයාගෙන් හතරබීරී කතාවක්

Published in පුවත්
Tuesday, 10 February 2015 15:06

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා‍ගේ මැතිවරණ ප්‍රකාශනය වු දින 100 වැඩපිළිවෙල සඳහා පක්ෂයේ සහය දක්වන නමුත් කිසිසේත් යු.එන්.පී. ය ගෙනයන වැඩපිළිවෙලට තම පක්ෂය සහය නොදක්වන බවත්, අපේ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයට කඩේ යන ජනාධිපතිවරයෙක් නොවන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව පැවසුවේ විපක්ෂ නායකවරයා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විසින් බෝධිරුක්කරාම විහාරයේදී පසුගිය 9 වන දින පවත්වන ලද උත්සවයකදීය.

කෙසේ නමුත් වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කිරීම සඳහා එජාපය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කරනු ලැබුවේ එක වැඩ පිලිවෙලකි. මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ එම දින 100 වැඩපිළිවෙල මිසක ජනධිපතිවරයා වෙනම වැඩ පිළිවෙලක හෝ එජාපය වෙනම වැඩ පිළිවෙලක හො කටයුතු නොකෙරෙයි.

ඒ අනුව විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔහුගේ නොතේරුම් කම නොවේ නම් තිබෙන තක්කඩි කමය.

මෙම අවස්ථාවේදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ජනතාවට සහන දෙන අයවැයක් යැයි කියමින් ඉදිරිපත් කළ අයවැය මුසාවක් බැවින් ජනතාව එය ප්‍රතික්ෂේප කර ඇති බවත් ,ඒ නිසා අද එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එකමුතුව කඩාකප්පල් කිරිමටත් පක්ෂය තුල බෙදීම් ඇති බව ජනතාවට කියමින්, මැතිවරණයකට මාන බලන නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු සියලු සන්ධානයේ පක්ෂ එකමුතුව එළඹෙන මැතිවරණයට මුහුණ දී ජයග්‍රහණය කරන බව විපක්ෂ නායකවරයා පැවසුවේය.


ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මැතිතුමා පක්ෂයේ සභාපති වීම නිසා පක්ෂය තවතවත් ශක්තිමත් වී ඇති බවත් , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය උපදේශකවරුන් ලෙස පත් කර ඇති නිසා පක්ෂය කිසිවිටෙකත් මැතිවරණවලට බියක් නොමැති බවත් අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දකවමින් ඔහු මෙසේද පැවසුවේය

'' ඊ ළඟ මැතිවරණ වේදිකාවට මේ තුන්දෙනාම එකට නැගලා පක්ෂය ශක්තිමත් කරන්න කටයුතු කරනවා. ඒ අනුව අපි අපේ ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් සහිත ආණ්ඩුවක් ඉතා ඉක්මණින් හදනවා. ඊලගට රැස්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී විධායක සභාව එක් රැස්වෙලා ඉදිරි මැතිවරණය පිළිබඳව සැලසුම් සකස් කරනවා. එය ලබන 14 වෙනිදා පැවැත්වීමට කටයුතු ‍යොදලා තියෙනවා.

ආණ්ඩුවක් පත්වෙලා දින කිහිපයක් තුල විශ්වාසභංග යෝජනාවකට ඇමතිවරයෙක් ලක් වු රජයක් ලෙස එක්සත් ජාතික පක්ෂය පසුගිය දා ඉතිහාසයට එක්වුනා. අපේ පක්ෂය තුල ඕනෑම කෙනෙක් අල්ලස් හා දූෂණා චෝදනා තියෙනවා නම් ඔප්පු කරලා පෙන්වන්න. ඒ අයට දඩුවම් දෙන්න. වැරදිකරුවන්ට, දුෂිතයින්ට මින් ඉදිරියට අපේ පක්ෂය තුල ඉඩ නැහැ. ඔවුන් කිසි කෙනෙක්ට නාම යෝජනා දෙන්නෙත් නැහැ. නමුත් බොරු චෝදනා නගමින් පාක්ෂිකයන් වැරදිකරුවන් කිරිමට උත්සහ කරනවා නම් ඒවාට විරුද්ධව අපි ඉදිරිපත් වෙනවා ඒවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බය නැහැ''

යනුවෙන් ද නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී පැවසුවේය.

 

Last modified on Tuesday, 10 February 2015 15:29

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us