ඔහු පැමිණි කාරණය කුමක්ද යන්න පිළිබද ජනමාධ්‍යවේදීන් විමසුවිට ඔහු පවසා ඇත්තේ තම යහළුවෙකු හමුවීමට පැමිණි බවයි.
කෙසේ නමුත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් රහස් පොළිසිය තවමත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
අද (10දා) ඔහු රහස් පොලීසියට කැඳවීය. උදෑසන 8.30 පමණ සිට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් තිබේ.
අත්අඩංගුවේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'වෙලේ සුදා' දුමින්ද සිල්වා මහතා පිළිබඳව යම් කරුණු හෙළි කළේය.
ප්‍රශ්න කිරීමෙන් අනතුරුව දුමින්ද සිල්වා මහතා මුදාහරින බවත් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.
මේ වන විට එම ස්ථානයේ ජනමාධ්‍යවේදීන් ,නීතිඥවරුන් ඇතුළු විශාල පිරිසක් රැස්ව සිටින බවද වාර්තාවේ.