subash
පාර්ලිමේන්තුවේ රැස්වීම සජීවී විකාශය කිරීම ලබන 20 දින සිට යළි ආරම්භ කරන බව කතානායක චමල් රාජපක්ෂ මහතා සෙනසුරාදා (7) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා වශයෙන් මලික් සමරවික්‍රම මහතා ඊයේ රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඒකමතික තීරණයෙන් තේරී පත් විය.
ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රථම වතාවට පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය කෝට්ටේ සිරිකොත මන්දිරයේදී ඊයේ රැස් විණි.
රූපමය අවවාද නොමැති දුම්වැටි අසුරණයන් පෙබරවාරී මස 1 වැනිදා සිට වෙළඳ පොළේ පැවැතියහොත් ඒ සඳහා නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසූවද රූපමය අවවාද නොමැති දුම්වැටි සහිත අසුරණ ඕනෑතරම් තවමත් මෙරට වෙළඳ පොළේ විකිණිමට ඇති බව හෙළිවෙයි.
නෙළුම් පොකුණ මාවත යළි 'ආනන්ද කුමාරස්වාමි' නමට පිදේ
කොළඹ 07, නෙළුම් පොකුණ රඟහල අසල ඇති 'නෙළුම් පොකුණ මාවත' යළි 'ආනන්ද කුමාරස්වාමි' මාවත ලෙස නම් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ වගා කරන සහ පරිභෝජනයට ගන්නා සහල් වර්ග බොහොමයක ආසනික් නම් උග්‍ර විෂ අඩංගු වන බව International Journal of Food Contamination නම් අන්තර්ජාතික සගරාවේ පල වන නවතම පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දී ඇත.
ව්‍යාපාර බලා කියාගෙන නිදහසේ ඉන්නයි මං කැමැති -සේමිණි ඉද්දමල්ගොඩ
සේමිණි ඉද්දමල්ගොඩ ප්‍රේක්ෂක හිතවතුන්ගේ ළබැඳි චරිතයක් ලෙසින් තහවුරු වූයේ රූපවාහිනි මාධ්‍යය ඔස්සේය. නිළියකට ඔබින ශෝභාමත් රූප සම්පත්තිය සේම රංගන දක්ෂතාව ද ඇතිව ක්ෂේත්‍රයට පැමිණි ඇය ඉතා කෙටි කලකදී මෙරට ප්‍රේක්ෂකයන් පිනවීමේ ප්‍රබලතම තැනැත්තියක් බවට පත්වූවාය. රංගන ශිල්පිනියක ලෙසින් තමන්ට ලැබෙන විවිධ චරිත නිරූපණයේදී රූපණවේදයේ ඉහළ කුසලතා පළ කළ ශිල්පිනියක් ලෙස ඇගේ මාවත අද තෝරා බේරා ගැනීමකින් යුක්තව නිර්මාණය කර ගත්තාය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්‌ති කුමාරතුංග මහතාට එළඹෙන මහ මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන ලෙස එම පක්‍ෂය ආරාධනා කර ඇත.
ශ්‍රී ලංකාවේ ඉකුත් ජනවාරි මස 08 වැනි දින සිදු වූ දේශපාලන බල පෙරළිය අන්තර්ජාතික මාධ්‍ය විසින් දැන් හඳුන්වනු ලබන්නේ දේදුනු පෙරළිය වශයෙනි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිත් කරන ලද නව රජයේ අතුරු අය වැය වැඩි ජන්ද 163කින් සම්මත වී තිබේ.
