රූපමය අවවාද නැති සිගරට් පැකට් රහසිගතව අළෙවි වේ

Published in පුවත්
Monday, 09 February 2015 07:31

රූපමය අවවාද නොමැති දුම්වැටි අසුරණයන් පෙබරවාරී මස 1 වැනිදා සිට වෙළඳ පොළේ පැවැතියහොත් ඒ සඳහා නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසූවද රූපමය අවවාද නොමැති දුම්වැටි සහිත අසුරණ ඕනෑතරම් තවමත් මෙරට වෙළඳ පොළේ විකිණිමට ඇති බව හෙළිවෙයි.

විශේෂයෙන්ම සමාජ ශාලා , හෝටල් ආදිය සඳහා මෙලෙස මෙම රූපමය අවවාද නොමැති දුම්වැටි අසුරණයන් රහසි ගතව බෙදා හැරීම දුම්වැටි සමාගම් විසින් සිදු කරමින් පවතී.

ඊයේ දිනයේදී (09) අප වෙත ලැබුණු තොරතුරු මත ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී හෙළි වූයේ අදාල ව්‍යාපාරිකයන් විසින් පැරණි අසුරණයන් තවමත් මෙම ස්ථානවලට ලබාදීම සිදුවන බවය.

දුම්වැටි අසුරණයන්හි සියයට 60 ක ප්‍රදේශයක් ආවරණය වන පරිදි පිළිකා රූපමය අවවාද පළ කිරීමට ගත් තීරණය ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබිණි.

එම නීතිය ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වුවද දුම්වැටි සමාගම් නිෂ්පාදනය කළ දුම්වැටි තොග අවසන් වන තෙක් පොදු සමා කාලයක් ලෙස මාසයක කාලයක් ලබා දුන්නේය.

අනුව පිළිකා රූපමය අවවාද ඇතුළත් දුම්වැටි අසුරණයන් පමණක් වෙළඳ පොළේ අලෙවි කළ යුතු බවත් පරණ දුම්වැටි අසුරණ තොග පවතින්නේ නම් ඒවා වෙළඳ පොළෙන් ඉවත් කර ගන්නා ලෙසට දුම්කොළ සමාගම්වලට දැනුම් දී ඇත.

දුම්වැටි ඉරීම නිසා දිනකට 65 දෙනකු මරණයට පත් වන අතර පිළිකා, හෘදයාබාධ, ආඝාතය යන බෝ නොවන රෝගවලට ගොදුරු වීම ඉහළ ප්‍රවණතාවයක් ඇති බව හෙළිව තිබේ.

එක් දුම්වැටියක විස වර්ග 3000 ක් පමණ අන්තර්ගත වන අතර දුම්වැටි උරන පුද්ගලයකු ළඟ සිටින්නකු එම දුම ආඝ්‍රාණය කිරීමෙන්ම පමණක් එනම් අක්‍රීය දුම්පානයට ලක්වීමෙන් පුද්ගලයන් බෝ නොවන රෝගවලට ගොදුරු වේ.

සම රැලි වැටීම, ඉක්මණින්ම වයසට යෑම, ස්වසන රෝගයන්ට ගොදුරු වීම යනාදිය ද දුම්වැටි භාවිතය නිසා සිදුවේ. තරුණ පිරිස් දුම්පානය සිදු කිරීමෙන් ඔවුන්ගේ ඵලදායිතාව අඩු වන බවත් දුම්වැටි ඉරීම හේතුවෙන් මුඛ පිළිකාවලට බහුතරයක් පිරිස ගොදුරු වන බවත් වෛද්‍ය මතයයි.

Last modified on Monday, 09 February 2015 07:36

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us