එජාප නව සභාපති මලික්

Published in පුවත්
Monday, 09 February 2015 07:39

එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා වශයෙන් මලික් සමරවික්‍රම මහතා ඊයේ රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඒකමතික තීරණයෙන් තේරී පත් විය.

ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රථම වතාවට පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය කෝට්ටේ සිරිකොත මන්දිරයේදී ඊයේ රැස් විණි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී එජාප සභාපතිවරයා ලෙස සිටි කබීර් හෂීම් මහතා මහ ලේකම්වරයා ලෙස පත් වීමෙන් පසුව පුරප්පාඩු වී තිබු තනතුරට සමරවික්‍රම මහතා පත් වූ අතර අනෙකුත් තනතුරුවල වෙනසක් සිදු නොවිණි.

අප්‍රේල් මාසයේ මහ මැතිවරණයෙන් පසුව තනතුරුවල අවශ්‍ය සංශෝධන කිරීමට තීරණය කළ බවත් ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීම සඳහා අවශ්‍ය කමිටු පත් කිරීමේ බලය කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පක්ෂ නායකත්වයට පවරා දුන් බවත් එජාප මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කීය.

කෙසේ නමුත් නව මෛත්‍රීපාලනය බිහිකර ගැනීම සඳහා මලික් සමර වික්‍රම මහතා තිරය පිටිපස සිට සුවිශේෂී කාර්ය බාරයක් ඉ‍ටුකළ පුද්ගලයෙකි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us