බැසිල් හංගපු ආසනික් මතු වේ Featured

Published in පුවත්
Sunday, 08 February 2015 21:21

ශ්‍රී ලංකාවේ වගා කරන සහ පරිභෝජනයට ගන්නා සහල් වර්ග බොහොමයක ආසනික් නම් උග්‍ර විෂ අඩංගු වන බව International Journal of Food Contamination නම් අන්තර්ජාතික සගරාවේ පල වන නවතම පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් මෙම පර්යේෂණ කණ්ඩායමම මීට වසර 4 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය හරහා හෙළි දරව්වක් කරන ලදී. කෙසේ වෙතත් එම අවස්ථාවේ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආධිපත්‍ය දරන උගතුන්, කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් සහ එවකට සිටි කෘෂිකර්ම අමාත්‍යවරයා වු මහින්ද යාපා අබේවර්ධන මෙම හෙළිදරව්ව බොරුවක් බවත් පාන්පිටි කුමන්ත්‍රණයක් බවත් පවසමින් මෙකී සොයා ගැනීම් ප්‍රතික්ෂේප කළේය.

මෙම සහල් වලට ආසනික් පැමිණ ඇත්තේ තත්වයෙන් බාල පොහොර සහ කෘෂිරසායන වලින්ය. මෙම හෙළිදරව්ව සිදු කළ පසු එය යට ගැසීමට බැසිල් රාජපක්ෂ මහතා පොහොර සමාගම් වල උවමනාවට මහත් ප්‍රයත්නයක් දැරීය. මේ ගැන පාර්ලිමේන්තු උපදේශක සභාවට විද්වතුන් කරුණු දැක වූ අවස්ථාවේ මේ ගැන නැවත කතා නොකරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා තර්ජනය කර ඇත.

එය කණ වැකුණු අතුරලියේ රතන හිමි බැසිල් රාජපක්ෂ මහතා සමග බහින් බස් වීමකට පැටලුනු අතර මෙම සිද්ධිය අවසානයේ ජාතික හෙළ උරුමය රාජපක්ෂ රජයෙන් ඉවත් වීමට බල පෑ ප්‍රධානතම හේතුවක් විය. පසුගියදා "සදහම් සෙවන" පරිශ්‍රයේ පවතී නව ජනපතිතුමාට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවේදී රතන හිමියන් පැවසුයේ තමාට මහින්ද රාජපක්ෂ එපා වූයේ ආසනික් ප්‍රශ්නය නිසා බවයි.

සහල්වල අඩංගු ආසනික් මගින් පිළිකා සහ වෙනත් රෝග ඇතිවිය හැකි බව මෑතක දී ස්කොට්ලන්ත විද්වතුන් පිරිසක් පෙන්වා දී තිබිණ.

 

එම පර්යේෂණ පත්‍රිකාව :

Presence of arsenic in Sri Lankan rice

Last modified on Sunday, 08 February 2015 21:55

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us