subash

subash

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් ශිෂ්‍ය මර්දනයට එරෙහිව හා තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් මීට වසරකට පෙර එනම් රාජපක්ෂ පාලන සමයේ කැළණිය විශ්වවිද්‍යාලයේ සිට පැවැත්වූ පා ගමනක් සම්බන්දයෙන් කට උත්තර දීම සඳහා මෛත‍්‍රී පාලන යටතේ අද දින(7) ශිෂ්‍ය නායකයින් පිරිසකට පොලිසියට පැමිණෙන ලෙස සිතාසි නිකුත් කර ඇත.

වසර 07කට ආසන්න කාලයක් ප්‍රදර්ශනය තහනම් කර තිබූ "බොරදිය පොකුණ" චිත්‍රපටය පෙම්වතුන්ගේ දිනයේදී පෙබරවාරි 14 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සැලැසුම් කර ඇත.

මෙරටදී සිදු වූ මහා පරිමාණ වැට් බදු වංචාව සම්බන්ධයෙන් වරදකරුවන් වී සිටි පුද්ගලයින් දෙදෙනෙකු මලයාසියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ පදිංචිය සදහා නව නිවසක් කුළියට ගෙන ඇති අතර මෙහි මාසික කුළිය ලක්ෂ 12 ක් වන බව වාර්තාවේ.

හේමසිරි ප්‍රනාන්දු මහතා මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ඔහු ජාතික ඔලිම්පික් කමිටුවේ වර්තමාන සභාපතිවරයා මෙන්ම කලක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර තිබේ.

ඇමරිකානු සන්ධානයේ ගුවන් ප‍්‍රහාරයකින් ඇමරිකානු ප‍්‍රාණ ඇපකාරියක ජීවිතක්ෂයට පත්වූ බවට අයි.එස්. කැරළිකරුවන් සිදුකරන ප‍්‍රකාශ තහවුරු කළ නොහැකි බව ධවල මන්දිරය පවසයි.

ළමා හිංසන සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට ජිවිතාන්තය දක්වා සිරදඩුවම් ලබාදීමට අදාලව නීති සංශෝධනය කිරීමට රජය සුදානම් වේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ගම්පොළවිදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේසුදා පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතාට ණයට මුදල් ලබා දී ඇති බව කරුණු අනාවරණය කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ලාලිත්‍ය කෞශල්‍ය නමැත්තාගෙන් හා එවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ද මන්ත්‍රිවරයා මුදල් ලබා ගෙන ඇති බවට වෙලේ සුදා රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 9 සිට පැය 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

දේශපාලන වශයෙන් අනාථවූවන් එකතු කර මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන පෙරමුණක් ගොඩ නැගීම සඳහා ගත් උත්සහය ආසාර්ථක වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ශ්‍රී ලනීපයේ අගමැති අපේක්ෂකයා කර වීරවංශ ඇතුළු කණ්ඩායමද ශ්‍රී ලනීපයට එක්වීමේ සූදානමක් ගැන කරුණු අනාවරණය වේ.

Connet With Us