කොළඹ, මේ පැත්තේ එනව නම් වතුරත් අරන් එන්න

Published in පුවත්
Saturday, 07 February 2015 09:20

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 9 සිට පැය 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කොළඹ 01,02,03 සහ කොළඹ 07,08,09,10,11,12,13 සහ 14 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ය.

ඊට අමතරව කොළඹ 04, 05 සහ 06 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

මාලිගාකන්ද ජල තටාකයට ජලය සැපෙයෙන ප්‍රධාන සම්පේෂණ නළයක හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද උදෑසන 9 සිට හෙට සවස 3 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවන බව ද එම නිවේදනයේ දැක් වේ.

ජල කප්පාදුවට අදාළ විමසීම් සඳහා 1939 අංකය අමතන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී සිටී.

මේ අතර තවත් අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැය 9ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවේ.

ඒ අනුව පෑළියගොඩ වත්තල ජා – ඇල, කටුනායක, සීදුව නගරසභා බල ප්‍රදේශ හා කැලණිය වත්තල හැඳල බියගම මහර ජා – ඇල යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඊට අමතරව දොම්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රෙද්ශයට අයත් දෙකටන, නාමළුව, කළුකෙදයාව හා දොම්පේ යන ප්‍ර දේශවලට හා බියගම ආයෝජන කලාපයට ද මෙම කාල සීමාව තුළදි ජල සැයපුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us