දුමින්ද වෙලේසුදාගෙන් ණයට සල්ලි අරගෙන

Published in පුවත්
Saturday, 07 February 2015 09:44

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ගම්පොළවිදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේසුදා පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතාට ණයට මුදල් ලබා දී ඇති බව කරුණු අනාවරණය කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ලාලිත්‍ය කෞශල්‍ය නමැත්තාගෙන් හා එවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ද මන්ත්‍රිවරයා මුදල් ලබා ගෙන ඇති බවට වෙලේ සුදා රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත.

මන්ත්‍රිවරයා හා ජාවාරම්කරුවන් අතර මුදල් හුවමාරු සිදු වුයේ ද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වේ. වෙලේ සුදා , ඔහුගේ බිරිය, පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා ඇතුළු පුද්ගලයන් පස්දෙනකුගේ ගිණුම් පරික්ෂාව මේවන විටත් ආරම්භ කර ඇති බවට පොලිසිය අධිකරණය හමුවේ පවසා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින් විශාල වශයෙන් දේපළ උපයාගෙන ඇතැයි කියන කඩවත පාර, දෙහිවල ලිපිනයේ පදිංචි ගම්පොළවිදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා, විජේසිංහ ආරච්චිගේ සුනිමල් සංජිව හා මානාගොඩ කංකානම්ගේ සමන් ප්‍රදිප් යන නම්වලින් පෙනී සිටි මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇත.

එල්ටිටීඊ සංවිධානයේ මත්ද්‍රව්‍ය හා අවි ජාවාරමේ යෙදුණු ගුණශිලන් නොහොත් කිඹුලා ඇළ ගුණා සමඟ වෙලේ සුදා සම්බන්ධතා පැවැත්වු බැවින් ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකයට අවශ්‍ය සැකකරුවකු බවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අවි ඇතුළු වෙනත් අවි ළඟ තබා ගැනීමේ සම්බන්ධතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණවලට ඉදිරිපත් කර අධිකරණ මඟ හැර විවෘත වරෙන්තු නිකුත් වු අයකු බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

2012 ව්‍යාජ ගමන් බලපත්‍ර මඟින් ඉන්දියාවට පලා ගිය සැකකරු එහිදි එල්.ටී.ටී.ඊ සංවිධානයේ සමාජිකයකු වන කිළිනොච්ච්යේ පදිංචිව සිට ඉන්දියාවේ පල්ලවාකදු ප්‍රදේශයේ පදිංචි කනගරාජා විශ්වරාජා නොහොත් කිෂ්ණපිල්ලේගේ නිවසේ සිට රැකවරණය ලබමින් අපරාධ කිරීමේ අරමුණින් එහි රැදී සිටි බවත් පසුව පාකිස්තානය ඩුබායි යන රටවල රැඳී සිටිමින් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් එල්.ටී.ටී.ඊ සංවිධානයට ලබා දී ඇති බවට පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය.

සැකකරු සතු වු ගිනි අවි සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බව පැවසූ පොලිසිය බඹවත්ත පාර, මාදිවෙල, කොට්ටේ පදිංචි ඔහුගේ බිරිය වන ගයනි ප්‍රියදර්ශනි යන අයගේ නමට ටෝයොටා‍ එළියන් වර්ගයේ කාර් රථයක් රුපියල් 5,300,000ක් ගෙවා ලබා ගෙන පසුව එය ලක්ෂ දහයක කල්බදු පහසුකම් ලබා ගෙන ඇති බවට ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.


dinamina

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us