පසුගිය බ‍්‍රහස්පතින්දා සිරියාවේ අයි.එස්. බලකොටුවක් වූ රඛා වෙත එල්ල කළ ජෝර්දාන ගුවන් ප‍්‍රහාරයකින් කයිලා - ජීන් - මුලර් නමැති ඇමරිකානු සහන සේවිකාව මිය ගිය බව අයි.එස්. කැරළිකරුවන් ප‍්‍රකාශ කළේය.
තම ගුවන් ප‍්‍රහාරයකින් ඇය මිය ගිය බවට සිදුකරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් සැකයක් මතු වන බව ජෝර්දානය සඳහන් කර ඇත. 26 හැවිරිදි කයිලා, 2012 වසරේ තුර්කි - සිරියානු දේශසීමාවේ සරණාගතයන්ට පිළිසරණවීමට පැමිණි අතර ඉන් වසරකට පසුව ඇය අයි.එස්.වරුන්ගේ ප‍්‍රාණ ඇපකාරියක බවට පත්වූවාය.