ඉන්දීය නීති ශිෂ්‍යාවක 4ට කැපූ ඝාතකයාගේ පාපෝච්චාරණය

Published in විදෙස්
Monday, 09 February 2015 14:16

ඉන්දියාවේ ලක්නව් ප්‍රදේශයේදී 19 හැවිරිදි නීති ශිෂ්‍යාවක කපාකොටා ඝාතනය කර තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පසුගිය පළමු වන දා ගෞරි ශ්‍රීවස්තවා නමැති අදාළ ශිෂ්‍යාව අතුරුදන්ව ඇති බවය.

අතුරුදන් වූ දිනට පසු දා ඇයගේ මළ සිරුරේ කොටස් සොයා ගෙන ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ශිෂ්‍යාවගේ යහළුවෙකු සහ තවත් පුද්ගලයෙකි.

ඝාතනයට ලක් වූ තරුණිය සහ අදාළ තරුණයා අවුරුදු 1 1/2 ක පමණ කාලයක සිට දැන හඳුනා ගෙන සිට ඇති අතර සැකකරු එම තරුණියට කැමැත්තෙන් පසු වී ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ඝාතනය සිදු කළ අකාරය සම්බන්ධයෙන් සැකකරු පොලීසිය ඉදිරියේ පාපෝච්චාරණය කර තිබේ.

පාපොච්චාරණයට අනුව තරුණිය අතුරුදන් වූ දින පස්වරුවේ අදාළ තරුණයා සිය යතුරුපැදියේ නංවාගෙන ඇය ඔහුගේ නිවසට කැටුව ගොස් ඇත.එදින ඔහුගේ පවුලේ සාමාජිකයින් කිසිවෙකුත් නිවසේ සිට නොමැත.

එහිදී තමන් තරුණියගේ ජංගම දුරකථනය පරීක්ෂා කළ බවත් ඇය වෙනත් තරුණයින්ට යවන ලද වීඩියෝ දසුන්, කෙටි පණිවුඩ සහ ඡායාරූප දැකීමෙන් කෝපයක් හටගත් බවත් පවසා ඇත. එහිදී ඔහු ඇයගේ ගෙල සිරකර ඇති අතර පසුව ඇයට සිහිය නැතිව ගොස් තිබේ.

ඉන් කලබලයට පත් වූ තමන් සිහි නැතිවූ ගෞරී නිවස තුළ එලෙස ම සිටියදී මිතුරෙකු සමග මත්පැන් පානය කිරීම සඳහා නිවසින් පිටතට ගිය බව පවසා ඇත.

මෙම අවස්ථාවේ ගෞරිගේ පවුලේ අයෙක් ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන ඇති අතර ගෞරී අසනීප තත්ත්වයෙන් පසු වන බව ඔහු ඇයගේ නිවසේ සාමාජිකයින්ට පවසා ඇත.

මත්පැන් පානය කර සිටි තමන් නිවසට පැමිණ තරුණියගේ සිරුර කොටස් 4ට කපා සිරුරේ කොටස් ගෝනි තුනක බහා ප්‍රදේශයේ ම ස්ථාන තුනකට විසි කළ බව අදාළ තරුණයා පොලීසිය ඉදිරියේ පාපෝච්චාරණය කර ඇත.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us