උතුරු කොරියාවෙන් නැව් ප්‍රහාරක රොකට්ටුවක්

Published in විදෙස්
Tuesday, 10 February 2015 11:03

උතුරු කොරියාව විසින් අතිශය සූක්ෂම ක්‍රමෝපායික බුද්ධිමය රොකට්ටුවක් පරීක්ෂණ මට්ටමින් අත්හදා බලා තිබේ. එය එරට නාවික හමුදාවේ පරිහරණයට යොදා ගනු ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

මෙමගින් තහවුරු වී ඇත්තේ උතුරු කොරියාව සිය මිසයිල තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යායාමයක යෙදී සිටින බව යයි නිරීක්ෂකයෝ පවසති.

උතුරු කෙරියන් නායක කිම් ජොං-අන්ගේ සුපරික්ෂාව යටතේ, ඊසානදිග නාවික හමුදාව විසින් මෙම අත්හදා බැලීම සිදු කළ බව කොරියන් මධ්‍යම ප්‍රවෘත්ති නියෝජ්‍යායතනය (KCNA) පවසයි. කෙසේවෙතත්, එය සිදු කළේ කවදාද, කුමන ස්ථානයක සිට ද යන්න අනාවරණය කර නැත.

මෙම නැව් ප්‍රහාරක රොකට්ටුව ළඟදී ම උතුරු කොරියන් නාවුක හමුදාවට ලබාදීමට සැලසුම්කර තිබේ. මෙම අත්හදාබැලීමේ සාර්ථකත්වයෙන් උද්ධාමයට පත්වූ උතුරු කොරියන් නායකයා මෙවැනි ක්‍රමෝපායික අති සූක්ෂම ආයුධ සංවර්ධනය කළ යුතු බව පැවසූ බව වාර්තා වේ.

න්‍යෂ්ටික බලවතෙක් වන උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල සහ රොකට් නිපදවීමට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව විසින් දැනටමත් දැඩි සම්බාධක පනවා තිබේ.

 

(dinamina)

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us