subash
'අපි වෙනුවෙන් අපි' ගිණුමේ මුදල් විදේශ ගිණුම් 4 කට මාරු කරලා
පසුගිය රජය සමයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති 'අපි වෙනුවෙන් අපි' ගිණුමේ මුදල් පසුගිය දෙසැම්බර් මස විදේශයන්හි ඇති ගිණුම් හතරකට යැවීම පිළිබඳව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ විශේෂ විමර්ශනයක් රජය ආරම්භ කර ඇතැයි පැවසේ.
Sound of Heart සංවිධානය වජිර ළමා නිවාසයට පැමිණියා. එදින දවස පුරාම Sound of Heart සංවිධානයේ පිරිස වජිර ළමා නිවාසයේ කුඩා දරුවන් සමඟ විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙමින් සතුට බෙදාගන්න අමතක කළේ නෑ. මිට අමතරව කලාකරුවන් රැසක්ද මේ සඳහා සම්බන්ධ වී සිටීම විශේෂත්වයක්.
Photo Credit - Gayani Batz Media Crew


































හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරණතුංග ගම්පහ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට අවතීර්ණ වීමට නියමිතය. බොහෝ දුරට ලබන 8දා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට උපහාර පිදීමේ රැළියට ඔහු සහභාගිවනු ඇතැයි දිණමිණ පුවත්පත අනාවරණය කරයි.
කෝටි සියයක වියදමින් රාජපක්ෂලා වෙනුවෙන් තැනූ සුපිරි භාවනා මධ්‍යස්ථානයක්(video)
රුපියල් කෝටි සියයක පමණ වියදමින් ඉදි කරන බව කියන සුපිරි භාවනා මධ්‍යස්ථානයක් කඩවත ඉඹුල්ගොඩ රාජසිංහ මාවතේ ඇතැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා අනාවරණය කළේය.
චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත එරට සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චෝවු මහතා අද(06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.
සුපිරි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායිගේ අලුත්ම පෙම්වතා බවට පත්වී සිටින්නේ නවක නළු ෆවාඩ් ඛාන්.
සජිත් සුපිරි නිවාස සංකීර්ණ ව්‍යාපෘති 2 ක් අත්හිටුවයි
රාජපක්ෂ පාලන සමයේදී ඉදිකිරීමට කටයුතු සූදානම් කර තිබූ සුපිරි නිවාස සංකීර්ණ ව්‍යාපෘති 02 ක් නිවාස හා සමෘද්ධි කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්හිටුවීමට පියවර ගෙන ඇත.
ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියට අදාල පනත් කොටුම්පත අද (06)පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව දිවයිනට ඖෂධ ගෙන ඒම, ඖෂධ වල ගුණාත්මක භාවය, ඖෂධ මිළ ගණන් සහ ඊට අදාල සියළුම කරුණු මෙම ප‍්‍රතිපත්තිය යටතේ අවධානයට ලක් කිරීමට නියමිතය.
ට්‍රාන්ස් ඒෂියා ගුවන් අනතුරින් මියගිය ගණන 31 දක්වා ඉහළට
පසුගිය බදාදා තායිවානයේ සිදුවූ ගුවන් අනතුරින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 31 දක්වා ඉහළ නැග තිබේ.12 දෙනෙක් තවමත් අතුරුදන්ව සිටින බැවින් මියගිය ප්‍රමාණය තවත් ඉහළ යාමට ඉඩ ඇති බව තායිවාන බලධාරීහු පවසති.
මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ඊයේ (05) වන විට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 80කට අධික පිරිසක් අත්සන් කොට තිබේ.
