විමුක්ති ලබන 08 දා දේශපාලන කරළියට

Published in පුවත්
Friday, 06 February 2015 12:55

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරණතුංග ගම්පහ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට අවතීර්ණ වීමට නියමිතය. බොහෙ‍ා් දුරට ලබන 8දා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට උපහාර පිදීමේ රැළියට ඔහු සහභාගිවනු ඇතැයි දිණමිණ පුවත්පත අනාවරණය කරයි.

මෙම උපහාර පිදීමේ රැළිය හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මිය සංවිධානය කරනු ලබන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එයට සහභාගීවීමට නියමිතය.


නිට්ටඹුව ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම රැළියට ප්‍රථම බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමක් සිදු කරන අතර පසුව ආරාධිත පිරිස සංස්කෘතික පෙරහැරකින් ක්‍රීඩාංගනයට කැදවාගෙන යාමට නියමිතය.


පසුගිය ජනාධිපතිවරණයේදී වෙනසක් සිදු කිරීම උදෙසා එක්වූ අත්තනගල්ල ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට උපහාර පිරිනැමීම සදහා මෙම රැළිය සංවිධානය කර ඇත.

දිනමිණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us