කෝටි සියයක වියදමින් රාජපක්ෂලා වෙනුවෙන් තැනූ සුපිරි භාවනා මධ්‍යස්ථානයක්(video)

Published in පුවත්
Friday, 06 February 2015 12:17

රුපියල් කෝටි සියයක පමණ වියදමින් ඉදි කරන බව කියන සුපිරි භාවනා මධ්‍යස්ථානයක් කඩවත ඉඹුල්ගොඩ රාජසිංහ මාවතේ ඇතැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා අනාවරණය කළ‍ේය.

රාජපක්ෂ ආණුඩුවේ ප්‍රධානියකු සඳහා ඉදි කළ බව කියන එම මධ්‍යස්ථානයට පසුගිය බදාදා රාත්‍රී තමා එහි යන විට සිවිල් ආරක්ෂක බළකායේ තිදෙනකු සිටි බව රාමනායක පවසයි. එම ස්ථානයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් පැමිණි බව එහි ආරක්ෂාවට සිටි පුද්ගලයෙක් නියෝජ්‍ය ඇමැතිවරයාට පවසා ඇත.


සන්ධාන ආණ්ඩුව පවතිද්දී සිවිල් ආරක්ෂ භටයන් 60ක් පමණ එහි සිටි බවත්, ආණ්ඩු පෙරලියත් සමඟ ඔවුන් නැවැත ගිය බවත්, එහි සියලු අවශ්‍යතා සම්පූර්ණ වෙන්නේ සිවිල් ආරක්ෂක බළකාය හරහා බවත් ඔහු පවසා ඇත.

ප්‍රදේශවාසීන්ගෙන් සිදු කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ පොහොය දිනකටවත් එම ස්ථානයට යෑමට කිසිවකුට ඉඩ නොදෙන බවයි.

ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් සදහන් කරන ලද්දේ එම භාවනා මධ්‍යස්ථානයට කිසිවකුට යෑමට ඉඩ නොදෙන නිසා ඒ ගැන කිසිත් නොදන්නා බවය.

එම ස්ථානය ගැන අදහස් දැක්වූ නියොජ්‍ය ඇමැති රාමනායක මහතා මෙසේ ද කීවේය.
‘දැන් කියයි අපි මේ මඩ ගහනවා කියා. වරායේ ගල් පාවිච්චි කර, අධි සුඛෝපභෝගී විදියට මෙය ඉදි කර තියෙනවා. මෙය සැඟවුණු තැනක්. සිවිල් ආරක්ෂක බළකාය වැඩ කරන්නේ. බඩු ගෙනත් තිබෙන්නේ ආණ්ඩුවේ වාහනවල. එක පුද්ගලයකුට හෝ ඔහුගේ හිතවතුන්ට භාවනා කරන්න හැදූ බව ආරංචි වූ නිසයි මෙතැන බලන්න ආවේ. වැරදියට වටහා ගන්න එපා මේ ගැන. භාවනා කරන තැනක් අති සුඛෝපභෝගීව ඉදි කර තිබෙන්නේ. මෙය අක්කර අටක භූමියක්. වැවක් තිබෙනවා. වරායේ ගල් අල්ලා තිබෙනවා.

ස්නානය කරන්න පවා හොඳම වර්ගයේ නාන මෙවලම් භාවිත කර තිබෙනවා. මෙය බෞද්ධ දර්ශනයටත් පටහැනියි. භාවනා කරනවට අපි අකුල් හෙලන්නේ නැහැ. මෙවැනි සුපිරි භාවනා මධ්‍යස්ථානයක් ජීවිතයේ පළමු වැනි වතාවටයි මම දැක්කේ. '

ලංකාදීප

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us