චීන නියෝජිතයෙකු ජනපති හමුවේ

Published in පුවත්
Friday, 06 February 2015 11:18

චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත එරට සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චෝවු මහතා අද(06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ලියු ජියාන්චෝවු මහතා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ඊයේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ සාකච්ඡාවක නිරතවිය.

එහිදි නව රජයට චීන ජනාධිපතිවරයාගේ සුභපැතුම් එක්කර ඇති අතර දෙරට අතර මිත්‍රත්වය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දෙපාර්ශවය අතර සාකච්ඡා වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය සංචාරයෙන් පසු ලබන මාසයේදී චීනයේ සංචාරය කිරිමට නියමිත බැවින් එම කටයුතු සංවිධානය කිරිම සඳහා චීන රජයේ ආරාධනයකට අනුව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මේ මස අගදී චීනයේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us