සජිත් සුපිරි නිවාස සංකීර්ණ ව්‍යාපෘති 2 ක් අත්හිටුවයි

Published in පුවත්
Friday, 06 February 2015 10:17

රාජපක්ෂ පාලන සමයේදී ඉදිකිරීමට කටයුතු සූදානම් කර තිබූ සුපිරි නිවාස සංකීර්ණ ව්‍යාපෘති 02 ක් නිවාස හා සමෘද්ධි කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

එවකට ක්‍රියාත්මක වූ නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙම ව්‍යාපෘති දෙකෙහි කටයුතු පෞද්ගලික සමාගමකට භාර දෙනු ලැබ තිබිණි.

'හන්තාන රෙසිඩන්සීස්', හා 'දුනුමඩලාව විලාස්' යන නමින් ඉදිකිරීමට සූදානම් වූ මෙම ව්‍යාපෘති දෙක එවකට පුවත්පත් දැන්වීම් මගින්ද ප්‍රචාරය කෙරිණි. රුපියල් මිලියන 10ට එහා මිලක් සහිත නිවාස සෑදීමට යෙදී තිබූ මෙම ව්‍යාපෘතීන් කෙරෙහි කලක් මුළුල්ලේ පරිසර හා විවිධ සංවිධාන විසින් විරෝධය ප්‍රකාශ කරනු ලැබිණි.

හන්තාන ප්‍රදේශය හා මහනුවර දුනුමඩලාව යන පළාතේ දෙකෙහි මෙම සුපිරි නිවාස සංකීර්ණ ඉදිකිරීම සිදුකළහොත් එම ප්‍රදේශ නාය යනු ඇති බව පරිසරවේදීහු දිගින් දිගටම පෙන්වා දුන්හ. කෙසේවුවද ඉහත කී ව්‍යපෘතීන් ආරම්භ කිරීම සඳහා අදාළ බිම්කොටස් එළි පෙහෙළි කිරීමටත්, අනතුරුව ඉඩම් කට්ටි කිරීමටත් යොදා තිබූ ක්‍රියාමාර්ග වත්මන් නිවාස ඇමතිවරයා විසින් මේ වනවිට අත්හිටුවනු ලැබ ඇත.

ඉදිරියේදී මෙකී ව්‍යාපෘතීන් සහමුලින් නවතා දැමීමට විෂය භාර ඇමතිවරයා ක්‍රියා කරනු ඇතැයි නිවාස අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us