'අපි වෙනුවෙන් අපි' ගිණුමේ මුදල් විදේශ ගිණුම් 4 කට මාරු කරලා

Published in පුවත්
Friday, 06 February 2015 13:44

පසුගිය රජය සමයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති 'අපි වෙනුවෙන් අපි' ගිණුමේ මුදල් පසුගිය දෙසැම්බර් මස විදේශයන්හි ඇති ගිණුම් හතරකට යැවීම පිළිබඳව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ විශේෂ විමර්ශනයක් රජය ආරම්භ කර ඇතැයි පැවසේ.

කොටුව ලංකා බැංකුවේ තැප්‍රෝබේන් ශාඛාවේ ඇති අංක 7040000 'අපි වෙනුවෙන් අපි' ගිණුමෙන් පසුගිය දෙසැම්බර් 11 වෙනි දින විදේශීය ගනුදෙනු හතරක් සඳහා රුපියල් 50,589,993ක් වූ එක් ගෙවීමක් ලෙස රුපියල් මිලියන 141.65ක් ගෙවා තිබීම සැකකටයුතු වීම හේතු කොට ගෙන මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

එසේම පසුගිය දෙසැම්බර් 31වන දින රුපියල් මිලියන 22ක පමණ මුදලක් 100160 දරන චෙක්පත් මගින් ගෙවා ඇති අතර එම බැංකුවේම ඉතිරි කිරීමේ ගිණුමක් ලෙස පවත්වා ගෙන ආ 73249610 දරන ගිණුමේ රුපියල් මිලියන 14ක් අඩු වී ඇත.

අපි වෙනුවෙන් අපි ගිණුමේ මුදල් ආපසු ගැනීමේ අත්සන් බලය ගෝඨාභය රාජපක්ෂ, බී යූ රත්නවීර, පී ද සිල්වා, බී ඩී ඩබ් ඒ සිල්වා සහ ඩී ආර් කිරන්තුඩුව යන අයට හිමිවී ඇතැයිද එම පරීක්ෂණයෙන් සනාථ වී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව සමයේ අපි වෙනුවෙන් අපි ලෙසට වෙනස් කර ඇත්තේ පැරණි' රාජ්‍ය ආරක්ෂක අරමුදල' බවට හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අතර මෙම ගිණුමට මහජනතාව විසින් රුපියල් කෝටි ගණනාවක්ම විවිධ හේතුන් මත ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සෙබළුන්ගේ සුබසාධනය වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us