අයිශ්වර්යාට අලුත් පෙම්වතෙක්

Published in අනං මනං
Friday, 06 February 2015 10:47

සුපිරි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායිගේ අලුත්ම පෙම්වතා බවට පත්වී සිටින්නේ නවක නළු ෆවාඩ් ඛාන්.

අයිශ්වර්යා සහ ෆවාඩ් මෙලෙස පෙම්වතුන් ලෙස කල්  ගෙවන්නට සූදානමින් සිටින්නේ අධ්‍යක්ෂ කරන් ජොහාර්ගේ නවතම චිත්‍රපටය වන “Ae Dil Hai Mushkil” චිත්‍රපටය සඳහායි.

අයිශ්වර්යා සහ ෆවාඩ් පෙම්වතුන් ලෙස ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය සඳහා රන්බිර් කපූර් සහ අනුෂ්කා ෂර්මාද රංගන දායකත්වය ලබා දෙයි.

පකිස්ථානු ජාතික නළුවෙක් වන ෆවාඩ් ඛාන් පසුගියදා පැවති ෆිල්ම් පෙයාර් සම්මාන උළලේදී නැගී එන නළුවා ලෙස සම්මාන හිමි කරගැනීමද විශේෂත්වයක්.

 “Ae Dil Hai Mushki” චිත්‍රපටය 2016දී තිරගත වීමට නියමිතයි.

fawad1

fawad2

fawad3

ක්‍රීඩා

Connet With Us