විමුක්ති, දේශපාලනයට බෑ කියයි Featured

Published in පුවත්
Sunday, 08 February 2015 08:33

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්‌ති කුමාරතුංග මහතාට එළඹෙන මහ මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන ලෙස එම පක්‍ෂය ආරාධනා කර ඇත.

මේ සම්බන්ධව මෙතෙක්‌ විමුක්‌ති කුමාරතුංග මහතා එකඟතාවක්‌ පළකර නැති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

මේ රටේ දේශපාලනය කිරීමට තරම් සුදුසු වාතාවරණයක්‌ තවමත් ගොඩනැගී නැති බව කුමාරතුංග මහතා ප්‍රකාශ කළ බව හෙතෙම කීය.

කෙසේ නමුත් විමුක්ති කුමරතුංග මහතා තම පියා, මව හා සියා, ආච්චි දේශපාලනය නිසා මුහුණ පෑ හිරිහැර හෙතුවෙන් මෙරට දේශපාලනය කිරීම සම්බන්ධයෙන් සිය අකමැත්ත ප්‍රකාශ කරනු ලැබුවේ මීට කලකට පෙරය.එමෙන්ම සිය මව වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද වත්මනෙහි යළි දේශපාලනයට යොමුව සිටීම සම්බන්ධයෙන්ද ඔහු දැඩි විරෝධයක් පළ කර තිබිණි. ඇය දේශපාලන තනතුරු ලබා නොගෙන තිරය පි‍ටුපස කාර්යයක් පමණක් සිදු කරමින් සිටීමට හේතුවද දරුවන්ගේ විරෝධය නිසාය.

විමුක්ති දේශපාලනයට පැමිණෙනු ඇති බවට මාධ්‍ය වර්තා විශාල වශයෙන් පළවෙමින් තිබීම ඔහුගේ දේශපාලන ආගමනයක් ශ්‍රීලනීප පාක්ෂිකයන් බලාපොරොත්තුවෙන් සිටින බව හඟවන්නකි.අද දින ගම්පහ පැවැත්වෙන උත්සවයකටද ඔහු සහභාගී වනු ඇති බවත් වාර්තා වී ඇත

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us