ආණ්ඩුවට හේත්තු වෙලා මින්පසු ව්‍යාපාර බෑ

Sunday, 08 February 2015 08:31

ශ්‍රී ලංකාවේ ඉකුත් ජනවාරි මස 08 වැනි දින සිදු වූ දේශපාලන බල පෙරළිය අන්තර්ජාතික මාධ්‍ය විසින් දැන් හඳුන්වනු ලබන්නේ දේදුනු පෙරළිය වශයෙනි.

දේ දුන්නේ ඇති වර්ණ විවිධාකාරය. එමෙන්ම විවිධාකාර වූ දේශපාලන අදහස් දැරු කණ්ඩායම්, පක්ෂ හා සිවිල් සංවිධාන එකට අතිනත ගෙන එවක තිබූ රජය පරාජයට පත් කෙළේය. දේදුනු පෙරළියේ අරුත එයයි.

මේ දේශපාලන පෙරළිය එක අතකින් බලන කළ දේශපාලන සුනාමියකි. එහි කැලි කසළ ලෙහෙසියෙන් අතු පතු ගා දැමිය නොහැකිව පවතින අතරතුර රජය විසින් ඉකුත් 29 දින හෙළි කරන ලද ආර්ථික යෝජනා පිළිබඳව දැන් විවිධ විවේචන එල්ල වීමට පටන් ගෙන තිබේ.

අන්තර්ජාතික මාධ්‍ය සහ ව්‍යාපාරික තොරතුරු ජාල වත්මන් රජයේ ප්‍රතිපත්ති විදේශීය ආයෝජන දුර්වල කිරීමට මෙන්ම දේශීය විශාල ව්‍යාපාර අනතුරකට ලක්කරවන බව ද කියා සිටි. සංචාරක ව්‍යාපාරය කඩා වැටීමට ලක්විය හැකි බවට ද අනතුරු ඇඟවීම් කර තිබේ.

රොයිටර් ව්‍යාපාරික පුවත් සහ බ්ලුම්බර්ග් වැනි ව්‍යාපාරික ප්‍රවෘත්ති කැසිනෝ ව්‍යාපාර පිළිබඳව රජය ගත් ක්‍රියා මාර්ග විවේචනය කරයි.

රජයේ ප්‍රධාන තීරණ 2 ක් එලෙස හුවා දක්වා තිබේ. පළමුවැන්න ඕස්ට්‍රේලියා ජාතික ජේම්ස් පැකර් ගේ කැසිනෝ ව්‍යාපෘතිය හකුළා ගන්නා ලෙස රජය කළ නියෝගයයි.

දෙවැන්න අධික ලාබ ලබන සමාගම් හා පුද්ගලයන් වෙත පනවනු ලබන අධි බද්දයි. හෙවත් සුපර් ගේන් බද්දයි, මේ SUPER GAIN TAX අය කරනු ලබන්නේ 2013 - 2014 ආදායම් වර්ෂයේ රුපියල් බිලියන දෙකකට අධික ශුද්ධ ලාබයක් ලැබු සමාගම් හා පුද්ගලයන් ගෙනි.

මෙරට දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන මෙන්ම පුරවැසියෝ ද එදා කැසිනෝ ව්‍යාපාරවලට එරෙහිව විරෝධය පෑහ. ඔස්ට්‍රේලියා ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් කැසිනෝ ව්‍යාපෘතියේ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ඉක්මවා සිටී මේ ව්‍යාපෘතියට එවක පැවැති රජයේ බලවතුන්ගේ ආශිර්වාදය ලැබුණු බව නොරහසකි. ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඔවුනගේ නම් පවා හෙළිකර තිබිණි.

ජේම්ස් පැකර්ගේ ව්‍යාපෘතියට අමතරව තවත් කැසිනෝ ව්‍යාපෘති කීපයකට ද එදා පැවැති රජය අවසර දී තිබිණි. ඒවාට අත ගසා තිබු පුද්ගලයනට කැසිනෝ බලපත් පවා හිමි ව තිබුණා පමණක් නොව ඔවුන් එදා පැවැති රජයේ බලවතුන්ගේ සමීපතමයන් බවට ද චෝදනා එල්ල වී තිබිණි.

ඇතැම් යෝජිත කැසිනෝ ව්‍යාපෘති සඳහා එදා පැවැති රජය ඔවුනට අවශ්‍ය ඉඩකඩම් ලබා දුන්නේ එම ඉඩම්වල නිත්‍යානුකූල අයිතිකරුවන්ගේ විරෝධතා නොසලකා හරිමිනි.

රජය කැසිනෝ ව්‍යාපෘති තහනම් කළ නමුත් ඔවුනගේ සෙසු ව්‍යාපාර යෝජනා කර තිබුණු පරිදිම ඉදිරියට ගෙන යෑමට අවසර දෙයි.

තායිලන්තය වැනි බෞද්ධ රටවලට කැසිනෝ ව්‍යාපාරය නිසා සිදුව ඇති සදාචාරාත්මක හානිය අතිවිශාලය. කැසිනෝ ව්‍යාපාරය සමඟ මත්කුඩු, ගණිකා ව්‍යාපාරය කළු සල්ලි ගලා ඒම හා හොරෙන් මුදල් පිට කිරීම ආදි දුසිරිත් රාශියකට මඟ පැදීම නියතය. වත්මන් රජය කැසිනෝ පිළිබඳ දැඩි තීරණයකට ආවේ විපක්ෂයේ සිටියදී ඔවුන් මේ චෝදනා එල්ල කොට, එවක පැවැති රජයට විරෝධය පළ කිරිම් සිදු කළ නිසාය.

රජය විසින් පනවන ලද සුපිරි බද්ද මෙරට ව්‍යාපාරික ආයතන කඩා වැටීමට හේතු වන බවට දැන් ව්‍යාපාරික ප්‍රජාව අතර මතයක් ගොඩ නඟනු දක්නට ලැබේ.

ඒ පිළිබඳ කරුණු දක්වා තිබු මාධ්‍යයක් වාර්තා කර තිබුණේ පුද්ගලයන් හා ආයතන 20කට වඩා මේ බද්දට යටත් නොවන බවයි. බද්දට යටත් වීමට නම් 2013 / 14 වර්ෂයේ ලාභය බිලියන දෙක ඉක්මවිය යුතුය. රොයිටර් ව්‍යාපාර පුවත් සේවය පසුගිය පෙබරවාරි 02 කියා සිටියේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, ඩයලොග්, ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා දුම්කොළ සමාගම සහ නෙස්ලේ සමාගම මේ බද්දට යටත් වන සමාගම් අතර ඇති බවයි. මෙය වාර්ෂික බද්දක් නොවන අතර ගෙවිය යුතුව ඇත්තේ එක් වරකි.

කැසිනෝ ව්‍යාපාර හා සුපිරි බද්ද පිළිබඳව දැන් ඉස්මතුව ඇති විවේචන සඳහා අගමැතිවරයා වහාම ප්‍රතිචාර දැක්වීය. ඔහු කියා සිටියේ, රජයට හේත්තු වී මිතුරුදම් ගොඩනඟාගෙන එයින් ව්‍යාපාරික වරප්‍රසාද හා වාසි ලබා ගැනීම ව්‍යාපාර නොව හොරකම් බවයි. මහන්සියෙන් කටයුතු කොට උත්සාහයෙන් දියුණු වන්නන්ට සිය ප්‍රණාමය පුද කළ අගමැතිවරයා මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූයේ කළු සල්ලි ආර්ථිකයකැයි ද කීවේය.

කළු සල්ලි යනු අයථා මඟින් උපයා ගන්නා මුදල්ය. නිත්‍යානුකූල නොවන අන්දමින් උපයා ගන්නා මේ මුදල්වලට බදු ගෙවීමක් ද සිදු නොවේ. ලෝකයේ සංවර්ධනය වන බොහෝ රටවල කළු සල්ලි වසංගතය පැතිර පවතින අතර මේ සල්ලි විදේශීය බැංකුවල තැන්පත් කරනු ලැබේ. ඉන්දියාවේ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් හා සුපිරි නළු නිළියන් විසින් ඩොලර් ට්‍රිලියනයක් වටිනා කළු සල්ලි ස්විස් බැංකුවල තැන්පත් කර ඇතැයි වාර්තා වේ. ඩොලර් බිලියන 500 කට අධික වත්කම් ප්‍රමාණයක් විදේශවල වසන් කරගෙන ඇතැයි ඉන්දියා රජය ද පිළිගෙන තිබේ.

තරගකාරිත්වයෙන් කටයුතු කර ලාභ උපයනු විනා ආණ්ඩුවට හේත්තු වී ව්‍යාපාර කිරීමට අනුබල නොදෙන බව පැවැසු අගමැතිවරයා මේ කළු සල්ලි ආර්ථිකයට අරක් ගෙන ඇති පුද්ගලයන් හතර දෙනකුගේ නම් පවා හෙළි කෙළේය.

ව්‍යාපාරික ප්‍රජාව අතර නොසන්සුන්තාවක් ඇති කිරීමේ වෑයමක් පවතින නමුත් සිය කැසිනෝ ව්‍යාපෘතිය නවත්වා දැමීමේ ශ්‍රී ලංකා රජයේ තීරණයට ගරු කරන බවත්, සිය කැසිනෝ ව්‍යාපෘතිය හකුළා ගන්නා බවත් ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් සමාගමය නිවේදනය කර තිබිණි.

ජෝන් කීල්ස් සමාගම ද කැසිනෝ ව්‍යාපෘතියකට අත ගසා තිබුණු සමාගමයකි. ශ්‍රී ලංකා රජයේ තීරණය තමන් හිස නමන බවත්, කැසිනෝ අතහැර සිය ව්‍යාපෘතියේ ඉතිරි අංශ නොකඩවා ඉදිරියට ගෙන යන බවත් එම සමාගමය ද නිවේදනය කෙළේය.

මේ අතර තමන් දැනට කොළඹ පවත්වාගෙන යන කැසිනෝ ක්‍රීඩාගාර නවතා දමන බවත්, කැසිනෝ බලපත් හිමි ව්‍යාපාරිකයන් දෙදෙනකු ප්‍රකාශ කළ බවට ආරංචියක් ද පැතිර යයි.

කරුණාරත්න අමරතුංග

- silumina

Leave a comment

Gossip

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us