කාන්තා ක්‍රිකට් ලිංගික අල්ලස් චූදිතයන් තවම ලොකු පු‍ටුවල

Published in ක්‍රීඩා
Wednesday, 11 February 2015 10:34

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් වීම සඳහා ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ගැනීම ගැන එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් වූ පරීක්ෂණ මේවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යට ගසා ඇති බව හෙළිවේ.

ජාතික කාන්තා ක්‍රිකට් කාණ්ඩායමට ඇතුලත් වීම සඳහා එම ඉහළ ක්‍රිකට් බලධාරීන් සමඟ යහන් ගත වීමට සිදුව ඇති බවට පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී හෙළිදරව්වූ අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වරද නිවැරදි කරන බවට එවකට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොරොන්දු වී තිබිණි.

ඒ අනුව පත්කළ ඒක පුද්ගල කමිටුවේ නීතිඥ මනෝලි ජිනදාස මෙනෙවිය‍ පරීක්ෂණ කටයුතු ආරම්භ කරමින් ක්‍රීඩිකාවන්ගෙන් ද, කණ්ඩායමේ පුහුණුකරු හා කළමනාකාරීත්වයෙන් ද වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ සටහන් කරමින් සිය වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බාර දුන්නාය.

මනෝලි ජිනදාස කමිටු වාර්තාවට අනුව ඉහත කී ‍‍චෝදනාවේ යම් සත්‍යතාවක් ඇති බවටත්, වැඩිදුර පරීක්ෂණයකට අවශ්‍ය කරුණු අනාවරණය වී තිබූ බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කළේය. අනතුරුව මේ වාර්තාව පිළිබඳ වැඩිදුර පරික්ෂණයක් පැවැත්වීමට එවකට හිටපු ක්‍රීඩා ඇමැතිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබූව ද මේ මොහොත දක්වාම එහි පරීක්ෂණ නිමාවට පත්නොවීම විමතියට කරුණකි.

මූලික පරීක්ෂණවල දී තහවුරු වූ පරිදි අදාළ චෝදනාවට හසුවී සිටියේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු හා ‍තේරීම් කමිටුවේ සාමාජිකයෙකි. දෙදෙනාම මේ වනවිටත් එම කාර්යයන්හී නිරතව සිටීම නළල රැලිගන්වන සිදුවීමකි‍. ‍‍

චෝදනාවට හසුවී සිටින කාන්තා ක්‍රිකට් කළමනාකරු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවේ ද සාමාජිකයෙකි. ඔහු තවත් ක්‍රීඩා සමාජ දෙකක නිලතල හොබවන අතර කාන්තා ක්‍රිකට් තරගාවලි ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි. ක්‍රිකට් විධායක සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කරන පුද්ගලයකු මාසික වේතනයක් ලබන කණ්ඩායම් කළමකාරධුරයේ කටයුතු කරන්නේ කෙලෙසකදැයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝදෙනකුට ගැටලුවකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ දී අදාළ පුද්ගලයා සතු ක්‍රීඩා සමාජ ඡන්ද දිනාගැනීමේ අභිප්‍රායෙන් මේ පරික්ෂණ කටයුතු ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරු දරන බලධාරීන් විසින් වුවමනාවෙන්ම අඩාල කර ඇතැයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝදෙනෙක් චෝදනා නගති.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us