එල්ලේ, පවුලේ බැල්මෙන් ගැලවේ

Published in ක්‍රීඩා
Wednesday, 11 February 2015 10:23

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති හා ලේකම් යන තනතුරු දෙකටම අලුත් මුහුණු දෙකක් එක්වීමට නියමිතය. දැනට එල්ලේ සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කරන යෝෂිත රාජපක්ෂ මහතා නැවත එම තනතුරට ඉදිරිපත් නොවන අතර ලේකම් සිරිපාල රණසිංහ මහතා ද නාමයෝජනා භාර නොදෙන බව වාර්තා වේ. සිරිපාල රණසිංහ මහතා වසර කිහිපයක්ම එම තනතුරේ කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති හා ‍ලේකම් තනතුරු දෙකට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලඥයින් දෙදෙනකු ඉදිරිපත් වනු ඇතැයි ආරංචි මාර්ග පවසයි. එල්ලේ ක්‍රීඩා සමාජ කිහිපයක ඉල්ලීම් මත එම ප්‍රබල දේශපාලඥයින් දෙදෙනා එල්ලේ මුල් පුටුවලට නාමයෝජනා භාරදීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇතැයි පැවැසේ.

මේ අතර දැනට එල්ලේ සම්මේලනයේ කටයුතු කරන නිලධාරීන් කිහිපදෙනකු ද වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී‍. එම කණ්ඩායමේ සභාපති තනතුරට බස්නාහිර පළාත් සභාවේ මහජන නියෝජිතයකු ඉදිරිපත් කිරීම සැලසුම වී තිබේ. එලෙස කණ්ඩායම් දෙකක් ලෙස නාමයෝජනා ලබාදුනහොත් මුල් පුටුවලට ඡන්ද විමසීමක් කිරීමට සිදුවේ. එහෙත් එල්ලේ මුල් පුටුවලට ඒමට කැමැත්තෙන් සිටින දේශපාලඥයින් ඡන්ද විමසීමකින් තනතුරු ලබා ගැනීමට වැඩි කැමැත්තක් නොදක්වන බව වාර්තාවේ. ක්‍රීඩා පරිපාලනය භාරගත යුත්තේ වෙන වෙනම පිල් බෙදීමෙන් නොවන බව ඔවුහු අවධාරණය කරති.

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණය මාර්තු 30වැනිදා ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. එම නිලවරණයට අදාල නාමයෝජනා පෙබරවාරී මස 25වැනිදා අවසන් කෙරෙන අතර ක්‍රීඩා සංගම් 130ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටිති.

මේ අතර වසර 3ක තරග තහනමකට ලක්ව ඇති කිත්තම්පහුව ගාමිණී ක්‍රීඩා සමාජය ඉදිරිපත් කර ඇති අභියාචනය විභාග කිරීම ඉදිරියේදී පත්වන නව නිලධාරී මණ්ඩලයට භාර වේ. ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නව විධායක සභාව පත්වූ පසුව කිත්තම්පහුව ගාමිණී ක්‍රීඩා සමාජයේ අභියාචනය සලකා බලා පිළිතුරක් ලබා දෙන බව එල්ලේ සංගමයේ ප්‍රකාශකයකු පැවැසීය.‍

කිත්තම්පහුව ගාමිණී හා නාරංගොඩපාලුව නැගෙනතරු ක්‍රීඩා සමාජය අතර පසුගියදා පැවැති තරගයකදී කිත්තම්පහුව ගාමිණී ක්‍රීඩකයෝ කළහකාරී ලෙස හැසිරුණ බව පවසමින් මේ තහනම පැනවූහ. එම තහනම මගින් කිත්තම්පහුව ගාමිණී ක්‍රීඩා සමාජයේ නායකයා ඇතුලු ක්‍රීඩකයින් 20ක් තහනමට ලක් කිරීමට ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය පියවර ගෙන තිබිණි.


dinamina

Last modified on Wednesday, 11 February 2015 10:23

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us