විදේශ අැමති අැමරිකාවට

Published in පුවත්
Wednesday, 11 February 2015 10:41

බි‍්‍රතාන්‍යයේ නිල සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (11)නිල සංචාරයක් සදහා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය. ඔහු අද පස්වරුවේ වොෂිංටනයේ පිහිටි ජාත්‍යන්තර සාම මධ්‍යස්ථානයේදී විශේෂ දේශනයක් පැවැත්වීමටද නියමිතව තිබේ.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබන මාර්තු මාසයේදි නිකුත් කිරීමට නියමිත යුධ අපරාධ පරීක්ෂණ වාර්තාවේ බලපෑම් අවම කිරීම මෙම සංචාරයේ අරමුණ බවට තොරතුරු වාර්තා වේ. විදේශ අමාත්‍යවරයා හෙට දිනයේදි අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා හමුවීමට ද නියමිතය. එහිදී ඔහු විසින් මෙරට සංචාරයක නිරත වන ලෙස අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට ආරාධනා කිරීමටද නියමිතව අැත.

මේ අතර තම බි‍්‍රතාන්‍ය සංචාරයේදී විදේශ අමාත්‍යවරයා එරට රජයේ ප‍්‍රධානීන් සමග ද සාකච්ජා වල නිරත වුයේය. බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍ය හියුගෝ ස්වේයර් මහතා සමග විදේශ අමාත්‍යවරයා පැවැත්වු සාකච්ජා සාර්ථක වූ බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කලේය. එහිදී නව රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා බි‍්‍රතාන්‍ය රජය දැනුවත් කර අැත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us