ශ්‍රීලනීපයේ බැසිල්ගේ තැන රාජිතට.

Published in පුවත්
Wednesday, 11 February 2015 08:04

ලබන 14 දා පැවැත්වෙන ශ්‍රීලනිප විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස රාජිත සේනාරත්න මහතා නම් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඔහුගේ නම විධායක සභාවේදී යෝජනා කොට සමස්ත ලංකා කාරක සභාවේදී අනුමත කරවා ගැනීමට නියමිතය.

ශ්‍රීලනිප ජාතික සංවිධායක ලෙස කටයුතු කළ හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය පරාජයත් සමග රටින් පලාගිය අතර, ඒ අනුව මේවනවිට ජාතික සංවිධායක ධුරය පුරප්පාඩු වී ඇත.

කෙසේවුවද ශ්‍රීලනිප මහ ලේකම් ධුරයේ කිසිදු වෙනසක් නොවන බවද එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මේවනවිට එහි මහ ලේකම් ලෙස කටයුතු කරන්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු වන නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාය.

14දා පැවැත්වෙන ශ්‍රීලනිප ජාතික රැස්වීම් දෙකේදී ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා එම පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අද හමුවීමට නියමිතය.

 

srilankamirror

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us