බලතල අත්තනෝමතික හා හිතුවක්‌කාර ලෙස පාවිච්චි නොකළ යුතුයි - අගවිනිසුරු

Published in පුවත්
Tuesday, 10 February 2015 08:05

ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස පත්වූ කේ. ශ්‍රී පවන් මහතා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ලෙස පත්වූ උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන මහත්වරු පිළිගැනීමේ නිල උත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ කොළඹ අළුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේදී පැවැත්විණි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරු, සෙසු අධිකරණවල විනිසුරුවරුද, නීතිපති හා එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන්, ජනාධිපති, නීතිඥවරු, අධිනීතිඥවරු අළුතින් පත්වීම් ලැබූ තිදෙනාගේ සමීප ඥාතීන් හා හිතවත්තු මේ අවස්‌ථාවට සහභාගි වූහ.

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා මෙහිදී පිරිස අමතමින් පැවසුවේ නව තනතුරට පත්වීමත් සමඟ පැවරෙන රාජකාරී වගකීම් ගැන තමාට හොඳ අවබෝධයක්‌ ඇති බවයි. සහෝදර විනිසුරුවන් සහ වෘත්තීය නීතිඥවරුන්ගේද සහයෝගය ඇතිව සහ හොඳ හිත දිගටම පවත්වාගෙන යමින් එම වගකීම් හැකි උපරිම අයුරින් ඉටුකිරීමට තමා කැපවෙන බවද ඔහු කීවේය.

යුක්‌තිය පසිඳලීම සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් උසාවිවල කාර්යභාරය නිසියාකාරව ඉටුවෙන බවට සහ නීතිමය අභිමතය නිසියාකාරව ක්‍රියාවේ යෙදෙන බවට ජනතාව කෙරෙහි විශ්වාසනීයත්වයක්‌ ඇතිවිය යුතු බවත් අධිකරණයේ ස්‌වාධීනත්වය යනු ඒ ඇතිවන ජනතා විශ්වාසය බවත් අගවිනිසුරු ශ්‍රී පවන් මහතා කීවේය.

රජයකට පැවරී ඇති බලතල අත්තනෝමතික හා හිතුවක්‌කාර ලෙස පාවිච්චි නොකළ යුතුය. ඒ නීතියේ ස්‌ථාවරයයි. අපේ ව්‍යවස්‌ථාවන් මූලික පිළිගැනීමක්‌. රජයේ සෑම අංශයකටම බලය ලැබෙන්නේ ව්‍යවස්‌ථාවෙන්. උසාවියට ව්‍යවස්‌ථාවෙන් පැවරී තිබෙන කාර්යභාරය ඒ රජයේ සෑම අංශයක්‌ම ඒ බලතල නිසියාකාරව ඉටුකරනවා. නැතිනම් බලතල සීමාවන් ඉක්‌මවා යනවාද යන්න සොයා බලා තීන්දු තීරණ ප්‍රකාශයට පත් කිරීම බවත් අගවිනිසුරුවරයා පැවැසීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා, රටක නීතියක්‌ නැති තත්ත්වයක්‌ පවතින්නේ නම් අධිකරණය මැදිහත්වී එය නැති කිරීමට හෝ පාලනය කිරීමට පියවර ගත යුතු බවයි.

කිසියම් ව්‍යවස්‌ථාපිත ආයතනයක්‌ බල සීමාවන් ඉක්‌මවා හෝ බලය අයුතු ලෙස පාවිච්චි කර කටයුතු කරනවා නම් ඒ වැරදිවලට ඉඩ නොතැබීමද අධිකරණය සතු උතුම් කාර්යභාරයක්‌.

ස්‌වාධීන අධිකරණයක්‌ නැතිනම් සාමානත්වයක්‌ හා සාධාරණ යුක්‌තියක්‌ නැත. පත්වීම් ලබාදීම විනිවිදභාවයකින් සිදුවිය යුතුය. එසේ නැත්නම් විනිසුරුවරුන්ට යුක්‌තිය පසිඳලීම සඳහා යහපත් වාතාවරණයක්‌ ඇති නොවේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us