පැකර්ගේ කැසිනෝ නොමැතිව හෝටලය තැනෙයි

Published in පුවත්
Tuesday, 10 February 2015 07:56

ඡේම්ස්‌ පැකර් නැතත් අදාළ හෝටල් ව්‍යාපෘතිය නතර වී නැති බවත් එය එහි දේශීය ආයෝජකයා විසින් කරගෙන යන බවත් ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

මම පැහැදිලිව කියන්න ඕන කැසිනෝ ලයිෂන් දුන්නෙ නැහැ කියල. සංචාරක ව්‍යාපාරයට අදාළ ආයෝජන ව්‍යාපෘති කිසිවක්‌ නතර වන්නේ නැහැ. ඡේම්ස්‌ පැකර්ට හෝටල් ව්‍යාපෘතියක්‌ තිබුණේ නැහැ. මේක ජෝන් කීල්ස්‌ ආයතනයේ ව්‍යාපෘතිය. ඡේම්ස්‌ පැකර් සහ ඒ අය අතර සාකච්ඡාවක්‌ තිබුණ කැසිනෝ ගැන. මේක මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියක්‌. ඒ අනුව 'වෝටර් ග්‍රාන්ට්‌" නම් වූ එම ව්‍යාපෘතිය ජෝන් කීල්ස්‌ ආයතනයෙන් දිගටම කරගෙන යනවා. එය මේ රටේ ලොකු සමාගමක්‌.

ඒ අයට එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට රජය සම්පූර්ණ සහාය දෙන බවද නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා කීවේය. එම හෝටල් ව්‍යාපෘතියේ කැසිනෝ නැති බව ඒ අය පිළිගෙන ඇති බවද නියෝජ්‍ය ඇමැතිවරයා තවදුරටත් කීවේය.


'දිවයින'

Last modified on Tuesday, 10 February 2015 10:06

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us