නගර සභාවේ මුදල් ලක්ෂ 600 හමුදාවට දුන්නේ කෙසේද?

Published in පුවත්
Tuesday, 10 February 2015 07:44

කොළඹ මහ නගර සභාවට අයවිය යුතු රුපියල් ලක්ෂ 600ක මුදලක් නීති වි‍රෝධී ලෙස යුද හමුදාවට ලබාදීම පිළිබඳ වහා ම පරීක්ෂණයක් පවත්වන්නැයි නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා අල්ලස් හෝ දූෂණ ‍පරීක්ෂණ කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මුද්දර බදු, මාර්ග තැනීම වෙනුවෙන් කොළඹ නගර සභාවට අයවිය යුතු මෙම මුදල යුද හමුදාවට ලබා දී ඇත්තේ කුමන පුද්ගලයකුගේ මැදිහත්වීමකින් ද, එයට සම්බන්ධවූවන් කවුරුන්ද යන්න සොයාබලා නොපමාව ඒ පිළිබඳ ජනතාවට හෙළිදරව් කරන ලෙස ද මුසම්මිල් මහතා තම පැමිණිල්ල මගින් ඉල්ලා සිටියි.

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සංවර්ධන කටයුතු ඇරැඹීමට යෙදවීමට හැකි මෙම මුදල් වෙනත් පාර්ශ්වයන් වෙත ලබාදීමෙන් ජනතාවගේ සංවර්ධනයට බාධා පැමිණෙන බැවින් එම මුදල නොපමාව මේ නගර සභාවට ලබාදීමට කටයුතු යොදන්නැයි ද නගරාධිපතිවරයා මෙමගින් ඉල්ලා සිටියි.

මෙසේ පැමිණිලි කිරීමෙන් දින ගණනාවක් ගත වී ඇතත් මේ සම්බන්ධව අදාළ ආයතනයන්ගෙන් කිසිදු පිළිතුරක් නොලැබීම පිළිබඳ නගරාධිපතිවරයා සිය කනස්සල්ල පළ කරයි.

 

(දිනමිණ)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us