කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හල්ලොලුවගේ පාලනයට

Published in පුවත්
Monday, 09 February 2015 21:42

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ නව සභාපති ලෙස තුසිත හල්ලොලුව මහතා අද දින (2.9) හුණුපිටියේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී සුභ මොහොතින් රාජකාරි ආරම්භ කළහ.

තුසිත හල්ලොලුව මහතා ශ්‍රී ලනීපය සු‍රැකීමේ සංවිධානයේ සම කැඳවුම්කරු ලෙස වත්මන් මෛත්‍රීපාලයය බිහි කිරීම සඳහා සුවිශේෂී මෙහෙවරක් සිදු කළ අයකු වන අතර මිට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ඇමැතිවරුන් වූ සුසිල් ප්‍රෙමජයන්ත, නිමල් සිරිපාද සිල්වා ඇතුළු ඇමැතිවරුන් ගනනාවකගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේය.


රාජපක්ෂ පාලන සමයේදී කොමර්ෂල් පොහොර සමාගම, පොහොර සහනාධාරය යටතේ පොහොර බෙදා හැරීමේ කටයුතුවලට දායක වූ අතර එහිදී කෝටි ගනනක් වංචා සිදුව තිබු බව වාර්තා වී තිබිණි. කෝටි 9 ක හා කෝටි 39 ක වටිනාකමක් සහිත පොහොර තොග අතුරුදහන් වීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවී තිබුණු අතර ඊට අනුරාධපුරයේ ඇමැතිවරයකු හා සම්බන්ධතා ඇති අනුරාධපුර තොග බෙදාහරින්නකු ගැන චෝදනා එල්ල වූ නමුදු මේ දක්වා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර වරද කරුවන්ට දඬුවම් දී නැත. මේ සම්බන්ධයෙන් කෝප් වාර්තාවේ ද දැක්‌වේ.

tusita-halloluwa-2tusita-halloluwa-3tusita-halloluwa-4tusita-halloluwa-5tusita-halloluwa-6tusita-halloluwa-7tusita-halloluwa-8tusita-halloluwa-9

 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us