නොකෙරෙන වෙදකමට ජනපතිගෙන් කොමිසමක් Featured

Published in පුවත්
Monday, 09 February 2015 20:12

සිදුකර ඇති මහා දූෂණ සහ වංචාවලට වගකිවයුත්තන් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව තමාටද සැකයක් පවතින බවත් මෙම කටයුතු විමර්ශනය සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන බවත් අද (09දා) අරලගංවිලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව වාර්තාවේ.

ජනාධිපතිවරයා සිය විධායක බලතල පාවිච්චි නොකරන බව නම් දැන් පැහැදිලිය. එමෙන්ම ඔහුගේ යහපාලනයත් පැහැදිලිය. එහෙත් මේ නීතියේ ආධිපත්‍ය සුරකින බවට පොරොන්දුවක් දුන් ජනාධිපතිවරයකුට නොතරම් කතාවකි.

ඔහු බලයට පැමිණියේ දූෂිතයන් නැති බංගස්ථාන කරන බව කියමිනි. ක‍ටුනායක වසා දමා හෝ දුෂිතයන් අල්ලා පර සක්වල ගසන බවත් කියැවිනි. එහෙත් හාල් කෑලී අල්ලාගෙන සංදර්ශන පෙන්වනවා විනා වෙන යමක් සිදු නොවේ. ඊටත් වඩා විහිළුව වන්නේ මේ ලොකු ලොකු ‍තෝරු මෝරු යහපාලනය සමඟ එක පෙළට සිට ගැනීමය.

ජනාධිපතිවරයාගේ සැකය පිළිබඳ මෙරට ජනතාවට විචිකිච්ඡාවක් ඇතිවේ නම් ඒ අකා මකා දැමීමට මේ කරුණ ප්‍රමාණවත් යැයි සිතමු.

ජනාධිපති කොමිසම් කියන්නේ මොනවා දැයි මේ රටේ මිනිස්සු හොඳාකාරව දනී. ජාතික ලේඛනාගාරයට ගියේ නම් මේ කොමිසම් සභා වාර්තා ඇති පදමට සොයා ගත හැකිය. ඒ කිසිවකින් කිසිවක් සිදූ බව නම් කෝඳුරු තෙල් හත්පට්ටයක් සොයනවාට වඩා අමාරුය.

අද හිටපු ජනාධිපති වීරයකු ලෙස මෛත්‍රීපාලනයට කෝචොක් කරමින් සිටින්නේ අන් කවරක් නිසා නොව වත්මන් පාලනයේ නෝන්ජල්කම නිසාය. ඒ ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් එක සේ අදාලය.

Last modified on Monday, 09 February 2015 21:14

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us